ඊශ්‍රායලයේ දැවැන්ත ජනතා නැගිටීම්

Spread the love

දිනෙන් දින ඉහළ යන ජීවන වියදම සහ බදුවලට එරෙහිව පසුගියදා ඊශ්‍රායල ජනතාව විසින් දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වූ බව වාර්තා වේ.

මෙම උද්ඝෝෂණය සඳහා මිලියන 1/4කට අධික ජනකායක් සහභාගී වූ බව විදෙස් වාර්තා අනාවරණය කරයි. මෙය ඊශ්‍රායල ඉතිහාසයේ පැවති විශාලතම උද්ඝෝෂණය ලෙස ද හැඳින්වේ.

ටෙල් අවීව් නගරයේ පැවති උද්ඝෝෂණය සඳහා තරුණ තරුණියන් ලක්ෂ 2කට ආසන්න පිරිසක් සහභාගී වී ඇතැයි එම වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි. එමෙන්ම ජෙරුසෙලමට රැස්වූ පිරිස 30,000 ඉක්ම වූ බවද සඳහන් වේ.

එමෙන්ම තවත් නගර 10ක් පමණ උද්ඝෝෂකයන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබේ. ඇතැම් උද්ඝෝෂකයන් නගර මධ්‍යයේ තාවකාලික කූඩාරම්ද ඉදිකරමින් දිග්ගැසුනු අරගලයකට සැරසුනු බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.

RSL

Related Posts