ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා නොවැම්බර් 20-21 දිනවල මියන්මාරයේ සංචාරයක නිරත විය., මෙම සංචාරයේදී ඔහු එරට ජ්‍යෙෂ්ඨ නායකත්වය සමඟ දේශසීමා ප්‍රදේශවල ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම පිළිබඳව සාකච්ඡා කළේය.

මියන්මාරයේ මයිවාඩ්ඩි ප්‍රදේශයේ සිදු වන මිනිස් ජාවාරම් පිළිබඳ ප්‍රශ්නය ද ඔහු මතු කළේය. එහිදී බොහෝ ඉන්දියානු ජාතිකයන් මුහුණ දෙන ගැටළු ද ඔහුගේ සාකච්ඡාවේ කොටසක් විය. එමෙන්ම ඔහු ද්විපාර්ශ්වික සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති සමාලෝචනය කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අඟහරුවාදා ප්‍රකාශ කළේය.

ඉන්දීය විදේශ ලේකම් ක්වාත්‍රා ඉන්දීය-මියන්මාර දේශසීමා ප්‍රදේශ ඇතුළුව, ජනතාව කේන්ද්‍ර කරගත් සමාජ-ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ප්‍රකාශ කළේය. කලදන් බහුවිධ සංක්‍රමණ ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ත්‍රෛපාර්ශ්වික අධිවේගී මාර්ගය වැනි අඛණ්ඩ සම්බන්ධතා මුලපිරීම් කඩිනම් ක්‍රියාවට නැංවීම සඳහා ඉන්දියාවේ කැපවීම ද ඔහු අවධාරණය කළේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ට අනුව, මියන්මාරයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා රඛයින් ප්‍රාන්ත සංවර්ධන වැඩසටහන සහ දේශසීමා ප්‍රදේශ සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති දිගටම කරගෙන යාමට ඉන්දියාවේ කැපවීම විදේශ ලේකම්වරයා නැවත අවධාරණය කළේය.

ඉන්දියාව සහ මියන්මාරය අතර සබඳතා පොදු ඓතිහාසික, වාර්ගික, සංස්කෘතික සහ ආගමික සම්බන්ධතා මත පදනම් වේ.

කිලෝමීටර් 1600 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ඉන්දියාව සහ මියන්මාරය වෙන් කරන අතර බෙංගාල බොක්කෙහි සමුද්‍ර මායිමක් ද ඇත. මියන්මාරයේ, ඉන්දියානු සම්භවයක් ඇති බොහෝ ප්‍රජාවක් වාසය කරති.එම සංඛ්‍යාව මිලියන 2.5 පමණ වන බවට ඇස්තමේන්තු කර ඇත. ජාතීන් දෙක අතර ඇති සමීපත්වය මිත්‍ර සබඳතා තරකර ගැනීමට මෙන්ම දෙරටේ ප්‍රජාව අතර ඇති අන්තර් පුද්ගල සබඳතාවය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්