ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිකුරාදා නිවේදනය කළේ ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලෙකී ඔක්තෝබර් 10-11 දිනවල ජෝර්ජියාවේත් සහ ඔක්තෝබර් 12-13 දිනවල කසකස්තාන් ජනරජයේත් නිල සංචාරයක නිරත වන බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් මගින් පැවසූයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පසුගිය වසරේ සංචාරයෙන් පසු ජෝර්ජියාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ඉහළ තළයකට පැමිණ ඇති බවයි. එමෙන්ම විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලෙකීගේ පළමු ජෝර්ජියා සංචාරය මෙය බව අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.

සිය ජෝර්ජියා සංචාරය අතරතුර ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලෙකී එරට විදේශ අමාත්‍යවරයා සහ අනෙකුත් ඉහළ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාවය පූළුල් කර ගැනීම පිළිබඳ සාකච්ඡා කරණු ඇති බව අමාත්‍යංශය පවසයි. එමෙන්ම ජෝර්ජියාවේ සිටින ඉන්දියානු සිසුන් සමඟ ද ඇය සාකච්ඡා කරණු ඇත.

කසකස්තානයේ අස්තානා හි පැවැත්වීමට නියමිත ආසියාවේ අන්තර්ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ 6 වන සංවාදයට ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ඉන්දීය දූත පිරිසට නායකත්වය දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ ක්‍රියාකාරකම් ගණනාවකට සැලසුම් කිරීම සහ සහභාගී වීම මගින් ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රයත්නයන්ට ඉන්දියාව සහාය වී ඇත.

මෙම සමුළුවට සමගාමීව කසකස්තානය ඇතුළු අනෙකුත් සහභාගී වන රටවල සම්භාවනීය අමුත්තන් සහ අමාත්‍යවරුන් සමඟ ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලෙකී ද්විපාර්ශ්වික සාකච්ඡා වට කිහිපයක් ද පවත්වනු ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි ජෝර්ජියාව සහ කසකස්තානය යන රාජ්‍යයන් ඉන්දියාව සමඟ සංස්කෘතික හා ඓතිහාසික සම්බන්ධතා මගින් සමීප සහ මිත්‍රශීලී සබඳතා ඇත. දෙරට සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සංවත්සරය මේ වසරේ සමරයි.

අමාත්‍යවරියගේ මෙම සංචාරය මගින් ජෝර්ජියාව සහ කසකස්තානය සමඟ ඉන්දියාවේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්