ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය රන්ජන් සිං අද ඉන්දුනීසියාව බලා පිටත්ව යයි.

Spread the love

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රාජ්කුමාර් රන්ජන් සිං ඉරිදා ජකර්තා බලා පිටත්ව ගියේය. සිය ඉන්දුනීසියානු සංචාරයේදී ඔහු ආසියන් ලේකම් කාර්යාලයේ සංචාරයක නිරත වනු ඇත.

ඉන්දීය විදේශ කටයුතු සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රාජ්කුමාර් රන්ජන් සිංගේ ඉන්දුනීසියානු සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ අගෝස්තු 28 සිට 29 දක්වා අමාත්‍යවරයා විසින් සිදුකරන මෙම සංචාරයේදී දෙරට අතර ඉදිරි ද්වීපාර්ෂික සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇති බවයි. මීට අමතරව ඉන්දීය රාජ්‍ය අමාත්‍යවරයා ඉන්දියානු ඩයස්පෝරාව සමඟ ද සාකච්ඡා කරනු ඇති බව වැඩිදුරටත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

රාජ්‍ය අමාත්‍ය රන්ජන් සිං ආසියාන්-ඉන්දියා සංවාද සබඳතාහි 30 වැනි සංවත්සරය සමරමින් ආසියන්හි මහලේකම් ලිම් ජොක් හෝයි සමඟ එක්ව ආසියාන්-ඉන්දියා විශ්ව විද්‍යාල ජාලය විවෘත කරනු ඇත.

2018 දී ආසියාන්-ඉන්දියා අනුස්මරණ සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ආසියාන්-ඉන්දියා විශ්ව විද්‍යාල ජාලය ප්‍රකාශයට පත් කරන ලදී,

ඉන්දියාවේ සහ ආසියාන් හි ප්‍රමුඛ ආයතනවල එකමුතුවක් ලෙස ඉන්දියාවේ අධ්‍යයන හා පර්යේෂණ ආයතන සහ ආසියාන් සාමාජික රටවල් අතර හවුල්කාරිත්වය තුළින් දැනුම ප්‍රාග්ධනයේ මූලික ජාලයක් ගොඩනඟනු ඇත.

ආසියාන්-ඉන්දියා විශ්ව විද්‍යාල ජාලය ඉන්දියාවේ නාලන්දා විශ්ව විද්‍යාලය සහ සහ ආසියන්හි ආසියන් විශ්ව විද්‍යාල ජාලය විසින් ක්‍රියාත්මක කරන බව අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සංචාරයේ දී අමාත්‍ය රන්ජන් සිං ආසියන්හි සාමාජිකයන් සමඟ සාකච්ඡා මූලික වශයෙන් අධ්‍යාපනික සහ ජනතාව අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීම, ආයතනික සම්බන්ධතා ගොඩනඟා ගැනීම සහ ආසියාන්-ඉන්දියා හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම ඇතුළුව සාකච්ඡා කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.

Related Posts