ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් බදාදා සිය මාලදිවයින් සහ ශ්‍රී ලංකා සංචාරයේ පළමු අදියරව ලෙස මාලදිවනට පැමිණියේය.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකම ඉන්දීය සාගර කලාපයේ ඉන්දියාවේ ප්‍රධාන සමුද්‍ර අසල්වැසියන් බව අඟහරුවාදා සංචාරය නිවේදනය කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.ඔවුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ‘සාගර්’ (කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය) සහ ‘අසල්වැසි පළමුව’ දැක්ම තුළ විශේෂ ස්ථානයක් ගනී.

ඉන්දියාව මාලදිවයින සහ ශ්‍රී ලංකාව සමඟ ඇති සමීප සහ මිත්‍රශීලී සබඳතාවලට ඉන්දියාව දක්වන වැදගත්කමට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංචාරය සාක්ෂියකියි යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දී ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තමාගේ සිව්වන සංචාරය සඳහා මාලදිවයිනට පැමිණීමට ලැබීම සතුටට කරුණකි. උණුසුම් පිළිගැනීම සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් ට ස්තූතියි. ඉන්දියාවේ අසල්වැසි පළමු සහ මාලදිවයිනේ පළමු ප්‍රතිපත්තිවල සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් වේ,” ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් ට්වීටර්හි සඳහන් කළේය.

ඔහු ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලිහ් හමුවීමට නියමිත අතර විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, මෙම සංචාරයේදී මාලදිවයිනේ ද්විපාර්ශ්වික සංවර්ධන සහයෝගීතාවයට අදාළ ගිවිසුම් අත්සන් කිරීම, මුල්ගල තැබීම / සමාරම්භක / භාරදීම සහ ඉන්දියාවේ සහය දක්වන ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් දියත් කරනු ඇති අතර එය සමාජ-ආර්ථික සංවර්ධනයට දායක වේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර්ගේ ශ්‍රී ලංකා සංචාරය පසුගිය දෙවසර තුළ දිවයිනට ඔහුගේ තෙවැනි සංචාරය වනු ඇත, 2021 ජනවාරි සහ 2022 මාර්තු මාසවලදී ඔහුගේ සංචාරවලින් පසුව. “ශ්‍රී ලංකාව සමීප මිතුරෙකු සහ අසල්වැසියෙකු වන අතර ඉන්දියාව සෑම විටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිට ඇත යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සිටින අතරතුර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවනු ඇත. ඔහු විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම් අලි සබ්රි සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි. ඔහු සමීප ඉන්දු-ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ සමස්ත පරාසය පිළිබඳව සහ එය සෑම අංශයකින්ම ශක්තිමත් කිරීමේ පියවරයන් ද සාකච්ඡා කරනු ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්