ඉන්දීය යුධ හමුදා ප්‍රධානියා ඉන්දියාව චීනය සමග බෙදාගන්නා දේශසීමා ප්‍රදේශයේ මුරපොලවල් වෙත සංචාරය කරයි

Spread the love

ඉන්දියාව  චීනය  සමග බෙදාගන්න තථ්‍ය පාලන රේඛාව ඉදිරි ආරක්ෂක වලල්ලෙහි මුරපොලවල් වෙත සංචාරය කළ ඉන්දීය යුධ හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් පාණ්ඩේ දේශසීමා ඔස්සේ සුපරීක්ෂාකාරීව සිටීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇත.

හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ඔහු පළමු වරට හිමාචල් ප්‍රදේශ් සහ උත්තරාකන්ඩ් හි මෙම ප්‍රදේශවල තෙදින සංචාරයක් සිදුකරන අතරතුර ප්‍රාදේශීය අණ දෙන නිලධාරීන් හමුවූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය  උපුටා දක්වමින් ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

කඳු නැගීමේ කුසලතා සහ දිගු දුර මුර සංචාර ඇතුළුව  චීනය  සමග  ඇති  තථ්‍ය පාලන රේඛාව පිහිටි ප්‍රදේශයේ භට කණ්ඩායම් වල මෙහෙයුම් සූදානම පිළිබඳව  නිරීක්ෂණය කිරීමේ යුද හමුදා ප්‍රධානියාගේ   ප්‍රථම  සංචාරය මෙය විය

වර්තමානයේ සිදුවෙමින් පවතින  යටිතල පහසුකම් සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම හමුදා ප්‍රධානියා විසින්  සිදු කරන ලදී. මෙම කටයුතු වලට  ඉදිරි පෙරමුණුවල සිටින  භට පිරිස්  දායකත්වය සපයයි

ඔහුගේ සංචාරයේදී යුද්ධ හමුදාධිපතිවරුන් සමඟ අදහස් හුවමාරු කරගනිමින් දේශසීමා ආශ්‍රිතව සුපරීක්ෂාකාරීව සිටීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ලදී.  නවීන තාක්ෂණය උකහා ගැනීම ඔහු  අගය කළේය.ආරක්ෂක ක්‍රියාදාමයන්  සීඝ්‍රයෙන් වැඩිදියුණු කිරීම සහ ආකෘතීන්ගේ ක්‍රියාකාරී සූදානම පිළිබඳව ඔහු තෘප්තිමත් වු බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

ජෙනරාල් පාණ්ඩේ ඉදිරි මුරපොලවල යොදවා සිටි භට පිරිස් සමඟ කතාබහක නිරත විය.ඔවුන්ගේ ඉහළ චිත්ත ධෛර්යය අගය කළ අතරම වෘත්තීය විශිෂ්ඨත්වයේ ඉහළ ප්‍රමිතීන් පවත්වා ගැනීමට ඔවුන්ට උපදෙස් දුන්නේය.

දේශසීමා ප්‍රදේශවල මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ තිරසාර සංවර්ධනය සඳහා යුද හමුදාව,, සිවිල් පරිපාලනය සහ පොලිසිය අතර ඇති විශිෂ්ට සහයෝගීතාවය ද ඔහු අගය කළේය.

මෙම අවස්ථාවට ජෙනරල් පාන්ඩේ සමග ඉන්දීය යුධ හමුදාපති, මධ්‍යම අණදෙන නිලධාරි ඉන්දීය ආරක්ෂක  අංශයේ ජේෂ්ඨ නිලධාරීන්  සම්බන්ධ වූ බව ඉන්දීය  ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Related Posts