ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අඟහරුවාදා ගුජරාටයේ ජම්බුගොඩ, පංචමහල්හිදී රුපියල් කෝටි 860ක පමණ වටිනාකමකින් යුත් ව්‍යාපෘති සඳහා මුල්ගල් තැබීය.

මෙම ව්‍යාපෘති අතරට ගොඩාර හි ශ්‍රී ගෝවින්ද් ගුරු විශ්වවිද්‍යාලයේ නව මණ්ඩපය ඇතුළත් වේ. දන්දියපුර ගම්මානයේ රාජා රූප් සිං නායක් ප්‍රාථමික පාසල සහ ස්මාරකය සහ වඩෙක් ගම්මානයේ ශාන්ත ජෝරියා පරමේෂ්වර් ප්‍රාථමික පාසල සහ ස්මාරකය යන ව්‍යපෘතීන් ද ඇතුලත් ය.

මීට අමතරව, ඔහු විසින් ගෝද්‍රා මධ්‍ය විද්‍යාලය, ගෝද්‍රා වෛද්‍ය විද්‍යාලය ඉදිකිරීම සහ කෞශල්‍ය-ද නිපුණතා විශ්ව විද්‍යාලය පුළුල් කිරීම සඳහා මුල්ගල තැබූ අතර, එහි වටිනාකම රුපියල් කෝටි 680 ඉක්මවයි.

මෙම මුලපිරීම් සිදු කළ දිනය ගුජරාටයේ ආදිවාසි සහ ගෝත්‍රික ජනතාවට ඓතිහාසික දිනයක් බව ජනතාව අමතමින් අගමැති මෝදි ප්‍රකාශ කළේය. වැඩි දුරටත් අදහස් දක්වමින්, ගෝවින්ද් ගුරුට සහ ඉන්දියාවේ නිදහස සඳහා සටන් කිරීමට තම ජීවිත පරිත්‍යාග කළ සිය ගණනක් ගෝත්‍රික නිදහස් සටන්කාමීන්ට ගෞරව දැක්වීම සඳහා මන්ගාර් වෙත ද ගිය බව ඔහු සිහිපත් කළේය.

ඉන්දීය අගමැති මෝදි ඉන්දියාවේ ගෝත්‍රික ජනගහනයේ දැවැන්ත කැපකිරීම් දැකීමට ජම්බුගොඩට පැමිණීමට හැකිවීම ගැන සිය සතුට ප්‍රකාශ කළේය. මෙම කලාපය සමඟ ඇති දිගුකාලීන සම්බන්ධතාවය ද ඔහුගේ සිහිපත් කළේය.

ෂහීඩ් ජොරියා පරමේෂ්වර්, රූප් සිං නායක්, ගැලලිය නායක්, රව්ජිදා නායක් සහ බබරියා ගල්මා නායක වැනි අමරණීය සටන්කරුවන් නිසා ජාතියේ සැවොම ආඩම්බරයෙන් පිරී සිටින බවත් ඔවුනට ආචාර කළ යුතු බවත් ඔහු පැවසීය.

ඔහු මුල්ගල් තැබූ ව්‍යාපෘති මගින් මුළු ප්‍රදේශයේම සෞඛ්‍ය, අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය වැඩිදියුණු කරනු ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවසීය. කේන්ද්‍රීය විද්‍යාලය සහ ගෝවින්ද් ගුරු විශ්ව විද්‍යාලයේ නව පරිපාලන මණ්ඩප ගෝත්‍රික තරුණ තරුණියන්ට විශාල ප්‍රතිලාභයක් ලබා දෙන බව ද ඔහු සඳහන් කළේය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්