ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ‘මිනේරිගාමීන්’ විසින් ඉටු කරන ලද කාර්යභාරය ඉස්මතු කළේය.මේ සම්බන්ධයෙන් මෙනේරි පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමට සියලු කටයුතු මේ වන විට ඉන්දියාව සිදු කරමින් පවති. ඉන්දියාව දැනට පවතින ජී-20 සභාපති ධුර කාලය තුල මේ සදහා බෙහෙවින් උපකාරී වේ .

“ඔබ ව්‍යවසායකයා යන වචනය අසා තිබිය යුතුය, නමුත් ඔබ මිලෙට්ප්‍රෙනියර්ස් අසා තිබේද? ඔඩිෂාහි මිලෙට්ප්‍රෙනියර්ස් මේ දිනවල ජනප්‍රියයි.ඔහු ඉරිදා 2023 පළමු මන් කි බාත් විකාශනය අතරතුර ප්‍රකාශ කළේය.

ඔඩිෂා මෙනේරි මෙහෙයුම සමඟ සම්බන්ධ වී සිටින සුන්දර්ගාර් ගෝත්‍රික දිස්ත්‍රික්කයේ කාන්තාවන් 1500කින් පමණ සමන්විත ස්වයං උපකාරක කණ්ඩායමක් විසින් සිදුකරනු ලබන කාර්යයන් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් විස්තර කළේය. “මෙහි කාන්තාවන් මෙනේරි වල සිට කුකීස්, රසගුල්ලා, ගුලාබ් ජමුන් සහ කේක් දක්වා සෑම දෙයක්ම සාදයි. වෙළඳපොලේ ඔවුන්ගේ නිස්පාදන වලට ඇති විශාල ඉල්ලුම නිසා කාන්තාවන්ගේ ආදායම ද වැඩිවෙමින් පවතී,” ඔහු පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අවධාරණය කළ තවත් උදාහරණයක් වූයේ ඇලන්ඞ් බූතායි මෙනේරි ගොවි නිෂ්පාදන සමාගමයි. එය කර්නාටක ප්‍රාන්තයේ කලබුර්ගිහි ඉන්දියානු මෙනේරි පර්යේෂණ ආයතනයේ අධීක්ෂණය යටතේ පසුගිය වසරේ වැඩ ආරම්භ කරන ලදී.

කර්නාටක ප්‍රාන්තයේ බිදාර් දිස්ත්‍රික්කයේ හුල්සූර් මෙනේරි නිෂ්පාදක සමාගමට සම්බන්ධ කාන්තාවන් මෙනේරි වගා කරයි. එමෙන්ම පිටි සකස් කරයි. මේ හරහා ඔවුන්ගේ ඉපැයීම් ද විශාල ලෙස වැඩිවෙලා ඇත යැයි ඔහු පැහැදිලි කළේය.

ඒ හා සමානව, ප්‍රාන්ත 12 ක ගොවීන් ස්වභාවික ගොවිතැනට සම්බන්ධ චතිස්ගාර් හි සන්දීප් ෂර්මාගේ ගොවි නිෂ්පාදක සංවිධානය සමඟ සම්බන්ධ වී ඇති බව අගමැති මෝදි සඳහන් කළේය. බිලාස්පූර්හි මෙම ගොවි නිෂ්පාදක සංවිධානය මෙනේරි පිටි වර්ග 8 ක් සහ ඒවායින් ආහාර වර්ග සාදනු ලබයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පවසන පරිදි, ඉන්දියාවේ වත්මන් සභාපති ධූරය යටතේ ඉන්දියාව පුරා පැවැත්වෙන ජී-20 සමුළුවට අදාළ සිදුවීම් අතරතුර, එහි සංග්‍රහයනට මෙනේරි වලින් සාදන ලද පෝෂ්‍යදායී හා රසවත් කෑම වර්ග ද ඇතුළත් වේ. බජ්‍රා-කිච්ඩි, පොහා, ඛීර් සහ රොටී වැනි කෑම වර්ග මෙන්ම රාගී පදනම් කරගත් පායාසම්, පූරි සහ දෝසා ද පිරිනමන බව ඔහු පෙන්වා දුන්නේය.

මීට අමතරව, මෙනේරි වලින් සාදන ලද සෞඛ්‍ය පාන, ධාන්‍ය වර්ග සහ නූඩ්ල්ස් සියලුම ජී-20 ස්ථානවල මෙනේරි ප්‍රදර්ශනවලදී ප්‍රදර්ශනය කරන ලදී. ලොව පුරා සිටින ඉන්දියානු දූත මණ්ඩල ද ඔවුන්ගේ ජනප්‍රියත්වය ඉහළ නැංවීමට බොහෝ උත්සාහයන් ගනිමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

විකාශනය අතරතුර, අගමැති මෝදි ජාත්‍යන්තර යෝග දිනය සහ ජාත්‍යන්තර මෙනේරි වසර අතර විශේෂ සම්බන්ධයක් ද ඇති කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර යෝග දිනය සහ ජාත්‍යන්තර මෙනේරි වසර යන දෙකම තීරණය කර ඇත්තේ ඉන්දියාවේ යෝජනාවෙන් පසුව බව අගමැති මෝදී පැවසීය.

යෝග සහ මෙනේරි යන දෙකම සෞඛ්‍යයට සම්බන්ධ බව ඔහු අවධාරණය කළේය. ක්‍රියාශීලී නියැලීමෙන් මිනිසුන් යෝග සහ යෝග්‍යතාවය වැළඳ ගත්තා සේම මෙනේරි ද ජනතාව අතර ජනප්‍රිය ධාන්‍යයක් බවට පත්වෙමින් පවතින බව ඔහු අවධාරණය කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට අනුව, මහා පරිමාණයෙන් ක්‍රියාකාරී සහභාගීත්වය ලබා ගනිමින් මිනිසුන් යෝග සහ ශාරීරික යෝග්‍යතාව තම ජීවිතයේ කොටසක් කර ගත්තා සේම; ඔවුන් ද මහා පරිමාණයෙන් මෙනේරි නිෂ්පාදනයේ නිරතව සිටිති. එමෙන්ම මෙනේරි ඔවුන්ගේ ආහාර වේලෙහි කොටසක් බවට පත් කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

මේ නිසා සාම්ප්‍රදායිකව මෙනේරි නිෂ්පාදනය කළ කුඩා ගොවීන් දැඩි උද්‍යෝගයෙන් පසුවන බව ඉන්දීය අගමැති මෝදි පෙන්වා දුන්නේය.

ඉන්දියාව “මෙනේරි සඳහා ගෝලීය කේන්ද්‍රස්ථානය” ලෙස ප්‍රවර්ධනය කරන අතරම ජාත්‍යන්තර මෙනේරි වර්ෂය “මහජන ව්‍යාපාරයක්” බවට පත් කිරීමේ අවශ්‍යතාවය අගමැතිවරයා අවධාරණය කළේය. ජාත්‍යන්තර මෙනේරි වර්ෂය 2023 ආරම්භයත් සමඟම, ඉන්දියාවේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලෙස මෙනේරි ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව රට පුරා සිදුවීම් කිහිපයක් සැලසුම් කර ඇත.

ඉන්දීය රජයේ යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය 2023 ජාත්‍යන්තර මෙනේරි වසර ලෙස ප්‍රකාශයට පත් කළේ පසුගිය වසරේ ය. නරේන්ද්‍ර මෝදි රජයට තවත් ජාතීන් 72ක සහයෝගය ලැබිණි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්