ඉන්දියා-ඕස්ට්‍රේලියාව ශක්තිමත් හවුල්කාරිත්වයෙන් ලෝකයට ප්‍රතිලාභ ලබාගත හැකියි:ඉන්දීය අගමැති මෝදි පවසයි.

Spread the love

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා කියා සිටියේ ඕස්ට්‍රේලියාව සමඟ ඉන්දියාවේ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය ජාතීන් දෙකේ ජනතාවට පමණක් නොව ලෝකයට ද ප්‍රතිලාභ ලබා දෙන බවයි.

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ක්වාඩ් නායක සමුළුවට සමගාමීව පැවති ද්විපාර්ශ්වික හමුවකදී අග්‍රාමාත්‍ය මෝදි ද ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්ගේ මෑත මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතමින් පැවසූයේ ඉන්දු – ඔස්ට්‍රේලියා සබඳතා ශක්තිමත් විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක පවතින වන අතර එය දෙරටේ ජාතීන්ට පමණක් නොව ලෝකයට ද ප්‍රතිලාභ ලබා දෙන බවයි.

ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සමග ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ලැබීම ගැන තමා තෘප්තිමත් වන බවත්. ආර්ථිකයේ ප්‍රධාන අංශ හරහා සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට දෙපාර්ශවය සාකච්ඡා කළෙමු, ” යැයි ඉන්දීය අගමැති මෝදි ට්වීට් කළේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වාර්තා කරන අන්දමට, නායකයින් දෙදෙනාම වෙළඳ සහ ආයෝජන, ආරක්ෂක නිෂ්පාදන, හරිත හයිඩ්‍රජන් ඇතුළු පුනර්ජනනීය බලශක්ති, අධ්‍යාපනය, විද්‍යාව සහ තාක්ෂණය, කෘෂිකාර්මික පර්යේෂණ, ක්‍රීඩා ඇතුළු පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වයේ බහුවිධ සහයෝගීතාව සමාලෝචනය කළහ.

ද්විපාර්ශික සබඳතාව පුළුල් ආර්ථික උපාය මාර්ගික හවුල්කාරීත්වය තුලින් දෙරටේ ආර්ථික අභිවෘද්ධියට අනුබල දෙන ලෙසට පවත්වාගෙන යාමට දෙරටේ නායකයින් ඔවුන්ගේ අභිලාෂය තහවුරු කළ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

මෙම හමුවේදී අගමැති මෝදි රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙස ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාට ආරාධනාවක් කළේය

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Related Posts