ඉන්දියාවේ සමස්ත වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයන 2022 මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 62.21ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.මෙම වර්ධනය පසුගිය වසරට සාපේක්ෂව සියයට 24.03ක සැලකිය යුතු ඉහළ යාමකි.

ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ 2022 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය ඩොලර් බිලියන 38.94 ක් වූ බවයි. මෙය පසුගිය වසරට සාපේක්ෂව සියයට 20.55 ක ධනාත්මක වර්ධනයකි.

2022 මැයි මාසය සඳහා සේවා අපනයනයේ ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් බිලියන 23.28කි. එය 2021 මැයි මාසයට සාපේක්ෂව සියයට 30.32 ක ධනාත්මක වර්ධනයකි.

2022 අප්‍රේල්-මැයි මාස වල , ඉන්දියාවේ සමස්ත වෙළඳ භාණ්ඩ සහ සේවා ඒකාබද්ධ අපනයන ඩොලර් බිලියන 124.59 බිලියන ලෙස ඇස්තමේන්තු කර ඇත.මෙය සුගිය වසරේ එම කාලයට වඩා සියයට 25.90 ක ධනාත්මක වර්ධනයකි.

2022 අප්‍රේල්-මැයි කාලසීමාව සඳහා භාණ්ඩ අපනයනය ඩොලර් බිලියන 78.72 ක් වූ අතර 2021 අප්‍රේල්-මැයි කාලය තුළ ඩොලර් බිලියන 63.05 ක් බව ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය පැවසීය.එය සියයට 24.86 ක ධනාත්මක වර්ධනයකි.

2022 අප්‍රේල්-මැයි සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් බිලියන 45.87 ක් වන අතර එය 2021 අප්‍රේල්-මැයි මාසයයේ ඩොලර් බිලියන 35.92 , එය 2021 අප්‍රේල්-මැයි මාසයට සාපේක්ෂව සියයට 27.71 ක ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරයි.

2022 මැයි මාසයේදී ඉන්දියාවේ සමස්ත වෙළඳ භාණ්ඩ සහ සේවා ඒකාබද්ධ ආනයන ඇමෙරිකානු ඩොලර් බිලියන 77.65ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. 2022 අප්‍රේල්-මැයි මාසවල සමස්ත ආනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 151.89ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙය පසුගිය වසරේ එම කාලයට වඩා පිලිවෙළින් සියයට 59.19ක සහ සියයට 45.44ක ධනාත්මක වර්ධනයකි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්