ඉන්දියාව සහ ෆීජි අතර පස්වන විදේශ කාර්යාල උපදේශන වටය සඳුදා ෆීජිහි සුවා හිදී පැවැත්විණ.එහිදී දෙරටේ ද්විපාර්ශික සබඳතා පුළුල් ලෙස සමාලෝචනය කරන ලද අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

විදේශ කාර්යාල උපදේශන වලදී දෙපාර්ශවයම දේශපාලන, ආර්ථික, ආරක්ෂක, සංස්කෘතික සහ කොන්සියුලර් කාරණා ආවරණය වන ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය සමාලෝචනය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.එමෙන්ම ඉන්දියාව සහ ෆීජි අතර සමීප ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කළහ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අනුව දෙපාර්ශවය කලාපීය සහ ගෝලීය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව ද අදහස් හුවමාරු කරගත් බව වාර්තා වේ. බහු පාර්ශ්වික සංසද වලදී දෙරටේ සහයෝගිතාව තවදුරටත් පුළුල් කර ගැනීමේ ආකාර පිළිබඳ දෙපාර්ශවය මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කළේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර රාජ්‍යතාන්ත්‍රික කටයුතු භාර ලේකම් සෞරබ් කුමාර් විසින් ඉන්දීය දූත පිරිසේ ප්‍රධානත්වය දැරූ අතර ෆීජියන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් යෝගේෂ් කරන් ෆීජි දූත පිරිසට නායකත්වය සැපයීය.

මෙම සංචාරය අතරතුරදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර රාජ්‍යතාන්ත්‍රික කටයුතු භාර ලේකම් විසින් ෆීජි කැබිනට් සාමාජිකයින් සහ අගමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ජොසායා වොරේක් බයිනිමාරාම ද හමු විය.දෙපාර්ශ්වයම තම රටවල අඛණ්ඩ මිත්‍රත්වය සහ සංවර්ධන සහයෝගීතාව පෝෂණය කිරීම සඳහා ඔවුන්ගේ ස්ථිර කැපවීම අවධාරණය කළහ.

ෆීජි හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිල ට්විටර් ගිණුම දැක්වූයේ ඉන්දියා-ෆීජි ඓතිහාසික මිත්‍රත්වය ගොඩනැගීමට සහ ප්‍රගතිය සඳහා අපගේ අඛණ්ඩ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට දෙරටේ දැඩි කැපවීම නැවත තහවුරු කරන ලද බවයි.

මීළඟ විදේශ කාර්යාල උපදේශන වටය අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වන අවස්ථාවකදී නවදිල්ලි නුවරදී පැවැත්වීමට එකඟ විය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්