දැනට පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක අභ්‍යාසවල සංකීර්ණත්වය වැඩි කිරීමට ඉන්දියාව සහ මාලදිවයින එකඟ වී තිබේ.

2023 මාර්තු 19,දින මාලේ හි පැවති 4 වන ආරක්ෂක සහයෝගීතා සංවාදයේදී (DCD) මෙම කරුණු සාකච්ඡා වූ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

.සංචාරයේ නිරත ඉන්දීය ආරක්ෂක ලේකම් ගිරිධර් අරමානේ සහ මාලදිවයින් ආරක්ෂක ප්‍රධානී, මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ මේජර් ජෙනරාල් අබ්දුල්ලා ෂාමාල් විසින් මෙම සංවාදයේ සම මුලසුන දැරීය.

මෙම සාකච්ඡා වලදී, දැනට ක්‍රියාත්මක වන ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතා ක්‍රියාකාරකම් සමාලෝචනය කරන ලද අතර, දෙපාර්ශවයම වැඩිවන ක්‍රියාකාරකම් පිළිබඳව තෘප්තිමත් විය. මෙම සාකච්ඡාවලදී පවතින ද්විපාර්ශ්වික අභ්‍යාස ආවරණය වූ අතර, මෙම අභ්‍යාසවල සංකීර්ණත්වය වැඩි කිරීමට දෙරට එකඟ වූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

සිය මාලදිවයිනේ සංචාරයේදී අරමානේ මාලදිවයින් ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි සහ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් ද හමු විය. ආරක්ෂක සහයෝගීතා සංවාදයේ සාකච්ඡා වලින් පසුව කතා කළ ආරක්‍ෂක ලේකම් අරමානේ, මේජර් ජෙනරාල් ෂාමාල් සහ ඔහුගේ දූත පිරිසට ඵලදායි සංවාදයක් සඳහා ස්තුතිය පුද කළ අතර, 4 වන ආරක්ෂක සහයෝගීතා සංවාදයේදී මගින් ඇතිකරගත් පොදු අවබෝධය මත පදනම්ව ඉන්දියාව අඛණ්ඩව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.

ආරක්ෂක සහයෝගීතා සංවාදය යනු ජාතීන් දෙක අතර වඩාත් ආයතනික සංවාදයක් ගොඩනගන්නා වූ ආකාරයයි. දෙරටම යුධ හමුදා දෙක අතර සබඳතාවල අනාගත දිශානතිය තීරණය කිරීමේදී ඔවුන්ගේ වැදගත්කම අවධාරණය කරන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

ඉන්දියාවේ සහ මාලදිවයිනේ සන්නද්ධ හමුදා අඛණ්ඩව විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාවය අපේක්ෂා කරන අතර වැඩි නියැලීම ද්විපාර්ශ්වික සබඳතාවල අනාගතය සඳහා ධනාත්මක ලකුණක් යැයි අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

2023 දෙසැම්බර් 20 වන දින නවදිල්ලියේ පැවති 6 වන ඒකාබද්ධ මාණ්ඩලික සාකච්ඡාවේදී ඉන්දියාව සහ මාලදිවයින ඔවුන්ගේ සන්නද්ධ හමුදාවන් අතර නව මුලපිරීම් සහ ශක්තිමත් මැදිහත්වීම පිළිබඳව සාකච්ඡා කළේය.

මෙම සේවා තුනෙහිම පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතා යාන්ත්‍රණයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින සහ නව මුලපිරීම් සහ එම කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව 6 වන ඒකාබද්ධ මාණ්ඩලික සාකච්ඡාවේහිදී අවධානය යොමු විය.

මාලදිවයින 2011 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමඟින් කොළඹ ආරක්ෂක සමුළුවේ ආරම්භක සාමාජිකයෙකු බව සඳහන් කිරීම වැදගත්ය. කොළඹ ආරක්ෂක සමුළුව ඉන්දියානු සාගර කලාපය සඳහා ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතා රාමුවක් ලෙස ආරම්භ කරන ලදී.

2022 මාර්තු මාසයේදී මාලදිවයිනේ මාලේ හි පැවති 5 වන කොළඹ ආරක්ෂක සමුළුවේ රැස්වීමේදී මොරිෂස් සංසදයේ සිව්වන සාමාජිකයා බවට පත් විය. සීෂෙල්ස් සහ බංග්ලාදේශයේ නියෝජිතයින් ද නිරීක්ෂකයින් ලෙස රැස්වීමට සහභාගී වී ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්