ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර 11 වැනි විදේශ කාර්යාල උපදේශන වටය නවදිල්ලියේදී පැවැත්වීණ. මෙහිදී මෙහි දී දෙරටේ ද්විපාර්ශික සබඳතා පුළුල් ලෙස සමාලෝචන කෙරිණි. එමෙන්ම චීටාවන් දකුණු අප්‍රිකාවෙන් ආනයනය කිරීම මෙහිදී සාකච්ඡාවට බඳුන් විය

නීතිවිරෝධී දඩයම් කිරීම සහ ස්වභාවික වාසස්ථාන අහිමි වීම හේතුවෙන් 1952 දී චීටාවන් ඉන්දියාවෙන් වඳ වී ගොස් ඇත. මධ්‍ය ප්‍රදේශ්හි කුනෝ-පල්පූර් ජාතික වනෝද්‍යානයට චීටාවන් යළි හඳුන්වා දීම සඳහා ඉන්දියාව දැනටමත් නැමීබියාව සමඟ ගිවිසුමක් අත්සන් කර ඇත.

දෙපාර්ශ්වයම දේශපාලන හුවමාරු, ආරක්ෂක, ආර්ථික සහ වාණිජ ගැටලු, කොන්සියුලර් කටයුතු, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය, බලශක්ති සහ ඛනිජ ක්ෂේත්‍රයේ සහයෝගීතාව, මානව සම්පත් සංවර්ධනය ඇතුළු ද්විපාර්ශික සබඳතා සමාලෝචනය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.එමෙන්ම චිත්‍ර, සංස්කෘතිය, ක්‍රීඩා සහ දකුණු අප්‍රිකාවෙන් චීටාවන් ඉන්දියාවට නැවත හඳුන්වාදීම සඳහා ආනයනය කිරීම පිළිබඳවද සාකච්ඡා කළ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඉන්දියාවේ සහ දකුණු අප්‍රිකාව අතර සබඳතා වසර 30ක කාලයක් නිමවීමත් සමග සංස්කෘතික හා ක්‍රීඩා ඉසව් සහ අනෙකුත් ක්‍රියාකාරකම් හරහා මෙම අවස්ථාව සැමරීමට තීරණය විය.

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම 2021-22 වසර තුළ ඩොලර් බිලියන 17 දක්වා ඉහළ ගියේය. එමෙන්ම දෙපාර්ශ්වය තම වෙළෙඳාම තවදුරටත් විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම අවධාරණය කළහ.

කලාපීය ගැටළු, ගෝලීය වර්ධනයන් සහ යුක්රේනයේ තත්ත්වය ඇතුළු පොදු උනන්දුවක් ඇති ගැටළු සම්බන්ධයෙන්ද විදේශ කාර්යාල උපදේශන වලදී සාකච්ඡා කෙරින.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව එක්සත් ජාතින්ගේ සංවිධානය,බ්‍රික්ස් සංවිධානය, ඉන්දියා දකුණු අප්‍රිකා හා බ්‍රසීල සංවාද සංසදය(IBSA) සහ ඉන්දියානු සාගර රිම් සංගමයෙහි සහයෝගීතාව ඇතුළු කලාපීය සහ බහුපාර්ශ්වික ගැටළු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.

දකුණු අප්‍රිකානු පාර්ශවය ඉන්දියාවේ ඉදිරි ජී 20 සභාපතිත්වය සඳහා ඔවුන්ගේ සහය සහතික කළ අතර 2023 දී දකුණු අප්‍රිකාවේ බ්‍රික්ස් සභාපතිත්වය සඳහා ඉන්දියාව සිය සහය ප්‍රකාශ කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දිය පාර්ශ්වය ද දකුණු අප්‍රිකාවට ජාත්‍යන්තර සූර්ය සන්ධානයට සහ ආපදා ඔරොත්තු දෙන යටිතල පහසුකම් සඳහා වූ සන්ධානයට එක්වන ලෙස නැවතත් ආරාධනය කළ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

මෙම උපදේශන සඳහා ඉන්දීය පාර්ශවයෙන් සම සභාපතිත්වය දරනු ලැබුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර සහ දකුණු අප්‍රිකාව පිළිබඳ රාජතාන්ත්‍රික කටයුතු භාර සම ලේකම් පුනීත් ආර් කුණ්ඩල් විසිනි. එමෙන්ම දකුණු අප්‍රිකා ජනරජයේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා දෙපාර්තමේන්තුවේ ආසියා සහ මැදපෙරදිග කටයුතු භාර වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් න්ටොම්බිසෝඩ්වා ම්සුටුකාසි ලලි මහත්මිය දකුණු අප්‍රිකා පාර්ශවයෙන් උපදේශන සඳහා නායකත්වය සැපයීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්