ගයානා ජනාධිපති මොහොමඩ් ඉර්ෆාන් අලි, ඉන්දීය තෙල් සහ ගෑස්, යටිතල පහසුකම් සහ ආරක්ෂක වැනි ක්ෂේත්‍රවල ඉන්දියාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් සහයෝගීතාවයේ අවශ්‍යතාවය ගැන සාකච්ඡා කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු භාර ලේකම් සෞරබ් කුමාර නොවැම්බර් 28 වන දින ජෝර්ජ්ටවුන්හිදී ගයානා ජනාධිපති අලි හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය.

ගයානා ජනාධිපතිවරයා සමඟ උප ජනාධිපති භාරත් ජග්ඩියෝ, විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍ය හියු ටොඩ් සහ ප්‍රසිද්ධ වැඩ අමාත්‍යාංශයේ අමාත්‍ය ඉන්ඩර් ඩියෝඩට් ද එක්ව සිටියහ.

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති අලි අවධාරණය කළේය. ගයනාව වේගවත් වර්ධනයක් සහ සංවර්ධනයක් සඳහා සූදානම් බව අවධාරණය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

තෙල් සහ ගෑස්, යටිතල පහසුකම් ව්‍යාපෘති, ආරක්ෂක සහයෝගීතාව, ධාරිතාව ගොඩනැගීම සහ ගයනාවේ පුහුණු ශ්‍රම බලකායේ අවශ්‍යතාවය ඇතුළු පුළුල් පරාසයක සහයෝගීතාව පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

මෙම රැස්වීමේදී, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන 17 වැනි ප්‍රවාසි භාරතීය දිවාස් උත්සවයට අදාළ විධිවිධාන පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු භාර ලේකම් ගයානා ජනාධිපති අලීට දැනුම් දුන්නේය.

4 වන ඉන්දියා-ගයනා විදේශ කාර්යාල උපදේශන සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු භාර ලේකම් සහභාගී විය. ගයානා පාර්ශවය මෙහෙයවනු ලැබුවේ ගයනා ජනරජයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යාංශයේ බහුපාර්ශ්වික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෝර්ජ් ටැල්බට් විසිනි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, ආයතනික අන්තර්ක්‍රියා මගින් දේශපාලන, වෙළඳ සහ ආර්ථික, තෙල් හා ගෑස්, ආහාර සුරක්ෂිතතාව, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සහ ඖෂධ, සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණය, අධ්‍යාපනය සහ විද්‍යාව හා තාක්ෂණය,දේශගුණික විපර්යාස සහ සංස්කෘතිය, සංවර්ධන හවුල්කාරිත්වය වැනි ක්ෂේත්‍ර ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා පුළුල් ලෙස සමාලෝචනය කිරීමට අවස්ථාවක් ලබා දී ඇත.

දෙපාර්ශවය අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු සහ කැරිබියන් ප්‍රජාව ඇතුළු බහුපාර්ශ්වික ආයතනවල සහයෝගීතාව පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.

මීට අමතරව, ඉන්දීය විදේශ කටයුතූ අමාත්‍යංශ ලේකම් (නැගෙනහිර) කැරිබියන් ප්‍රජාවෙහි නියෝජ්‍ය මහලේකම් ආම්ස්ට්‍රෝං ඇලෙක්සිස් ජෝර්ජ්ටවුන් හි සංවිධානයේ මූලස්ථානයේදී හමුවිය. එහිදී ඉන්දියාව-කැරිබියන් ප්‍රජාවෙහි සබඳතාවල මෑත කාලීන ප්‍රගතිය එය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නව දිල්ලියේ දී අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනයක මීළඟ උපදේශන වටය පැවැත්වීමට ඔවුහු එකඟ වූහ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්