ඉන්දියාව සහ කැනඩාව අතර විදේශ කාර්යාල උපදේශන 2023 අප්‍රේල් 11 දින කැනඩාවේ ඔටාවා හි පැවත් විණ.විවිධ ක්‍ෂේත්‍ර හරහා ඔවුන්ගේ අඛණ්ඩ ද්විපාර්ශ්වික සහයෝගීතාව සමාලෝචනය කරමින්, ඉන්දියාව සහ කැනඩාව වාණිජ සබඳතාවල වේගවත් බව වැඩි දියුණු කිරීමට එහිදී එකඟ විය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද තොරතුරුවලට අනුව විද්‍යාව සහ තාක්‍ෂණය, බලශක්තිය, අධ්‍යාපනය, කොන්සියුලර් ගැටළු, ත්‍රස්තවාදයට එරෙහි වීම සහ සංචලනය විධිමත් කිරීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීමට ද ඔවුහු තීරණය කළහ.

ඉන්දියානු නියෝජිත පිරිස මෙහෙයවනු ලැබුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙහි නැගෙනහිර රාජ්‍යතාන්ත්‍රික කටයුතු භාර ලේකම් සෞරබ් කුමාර විසිනි. කැනේඩියානු දූත පිරිසේ ප්‍රධානත්වය දරනු ලැබුවේ කැනේඩියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඩේවිඩ් මොරිසන් විසිනි.

විදේශ කාර්යාල උපදේශන අතරතුර, ද්විපාර්ශ්වික න්‍යාය පත්‍රය පුළුල් කිරීම සඳහා ඉදිරි අමාත්‍යවරුන්ගේ චාරිකා මගින් එය තවදුරටත් ශක්තිමත් කෙරෙන ද්විපාර්ශ්වික යාන්ත්‍රණ පිළිබඳ නිරන්තර සංවාදයන් සහ රැස්වීම් දෙපාර්ශ්වයම පිළිගනු ලැබීය. දෙපාර්ශවය ඉන්දු පැසිෆික් කලාපය ඇතුළු සමකාලීන කලාපීය ගැටළු සහ බහුපාර්ශ්වික සංවිධානවල සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවල ද නිරත විය.

ඉන්දියාවේ දැනට පවතින ජී-20 සභාපති ධුරයේ සන්දර්භය තුළ, කැනඩාව ඉන්දියාවේ නායකත්වය සඳහා සිය සහය ප්‍රකාශ කළ අතර ජී-20 හි සාර්ථකත්වය සහතික කිරීම සඳහා දෙපාර්ශවයම එක්ව කටයුතු කිරීමට ප්‍රතිඥා දුන්නේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, සාකච්ඡා ඵලදායී සහ සැලකිය යුතු ඒවා විය. මීළඟ විදේශ කාර්යාල උපදේශන වටය ඉන්දියාවේදී අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනයක පැවැත්වේ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්