ඉන්දියාව සහ කටාර් රාජ්‍ය කම්කරුවන්ගේ සුභසාධනය කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් අනුගමනය කිරීමට එකඟතාවයක්

Spread the love

කම්කරුවන්ගේ සුබසාධනය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් අනුගමනය කිරීමට ඉන්දියාව සහ කටාර් රාජ්‍යය සිකුරාදා එකඟ විය.

නවදිල්ලියේ පැවති කම්කරු හා මිනිස් බල සංවර්ධනය පිළිබඳ ඉන්දියාව සහ කටාර් රාජ්‍යය අතර 7 වැනි ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් (JWG) රැස්වීමේදී මෙම ගැටලුව සාකච්ඡා කෙරිණි.

කටාර්හි ඉන්දියානු ජාතිකයන් 700,000 කට අධික සංඛ්‍යාවක් සිටින අතර ඔවුන් කටාර්හි විශාලතම තනි විදේශික ප්‍රජාව වේ. ඔවුන් පුළුල් පරාසයක වෘත්තීන්හි නියැලී සිටිති;මීට අමතරව නිල් කරපටි කම්කරුවන් විශාල පිරිසක් ද සිටිති.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය (MEA) පවසන පරිදි, ශ්‍රම සහ ශ්‍රම බල සංචලනය සම්බන්ධ පුළුල් පරාසයක ගැටළු පිළිබඳව දෙපාර්ශවයම ඵලදායී සාකච්ඡා පැවැත්වූහ.

පසුගිය වසර කිහිපය තුළ කටාර් විසින් අනුගමනය කරන ලද ප්‍රගතිශීලී කම්කරු ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ඉන්දීය පාර්ශවය අගය කළේය.

කටාර් රාජ්‍යයේ සමාජ-ආර්ථික සංවර්ධන සහ යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා ඉන්දියානු සංක්‍රමණික ශ්‍රම බලකායේ දායකත්වය කටාර් පාර්ශවය අගය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. කටාර් පාර්ශ්වය ද කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම නැවත අවධාරණය කළේය.

“බදවා ගැනීම් විධිමත් කිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ගැටළු කාලානුරූපී විසඳීම සඳහා සහයෝගිතාව වැඩි දියුණු කිරීම ඇතුළුව සේවකයින්ගේ සුභසාධනය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් අනුගමනය කිරීමට දෙපාර්ශවය එකඟ විය.

ඉන්දීය දූත පිරිස මෙහෙයවනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම ලේකම් (OIA-I) අනුරාග් භූෂාන් විසින් වන අතර කටාර් දූත පිරිස මෙහෙයවනු ලැබුවේ කම්කරු අමාත්‍යාංශයේ සහකාර උප ලේකම් මොහොමඩ් හසන් අල් ඔබයිද්ලි විසිනි.

කටාර් නියෝජිත පිරිස විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් සහ ලේකම් (CPV&OIA) අවුසාෆ් සයීඩ් හමුවිය.

කටාර් නියෝජිත පිරිස දිල්ලි ජාතික නිපුණතා සංවර්ධන සංස්ථාව (NSDC) වෙත ද ගියහ. නිපුණතා පුහුණු කිරීම සහ සහතික කිරීම සම්බන්ධයෙන් සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම අදහස් හුවමාරු කර ගත්හ.

ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමේ මීළඟ වටය අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනවලදී කටාර්හිදී පැවැත්වීමට එකඟ විය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Related Posts