ශ්‍රී ලංකා රුපියල් බිලියන 2 කට වැඩි වටිනාකමකින් යුත් සහල්, කිරිපිටි සහ ඖෂධ වර්ග ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් වෙත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් ඉරිදා කොළඹදී භාර දුන්නේය.

තමිල්නාඩු රජය විසින් සහල් මෙට්‍රික් ටොන් 40,000ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 500ක් සහ ඖෂධ වැනි විශාල අත්‍යවශ්‍ය මානුෂීය ආධාර යටතේ පැමිණෙන පළමු තොගය මෙයයි.

මෙම කැපවීම ශ්‍රී ලංකා රුපියල් බිලියන 5.5කට වඩා වැඩි බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා රජය විසින් උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ බස්නාහිර පළාත් ඇතුළුව රට පුරා සිටින ප්‍රතිලාභීන් අතර සැපයුම් බෙදා හරිනු ලැබේ. මෙම ප්‍රතිලාභීන් සමාජයේ විවිධ කොටස් ආවරණය කරයි.

මෙම උපකාර මගින් ඉන්දීය ජනතාවගේ සහාය ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ සහෝදරයන් සමඟ බෙදා හරිනුයේ අසල්වැසි පළමු ප්‍රතිපත්ථියේ කොටසක් වශයෙනි..

විවිධ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියාවේ පෞද්ගලික සහ සමාජ සංවිධාන කිහිපයක් ශ්‍රී ලංකාවට ආධාර එවා ඇත.

ඖෂධ, වියළි සලාක ආදිය ද ප්‍රදාන පදනම මත ඉන්දීය රජය විසින් එවා ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට ලැබෙන මෙම සහයෝගය ඉන්දීය රජය විසින් ලබා දී ඇති ඇමරිකානු ඩොලර් බිලියන 3.5 ක ආර්ථික ආධාරවලට අමතරව බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.