ඉන්දියාව යාපනය රෝහලට ජීවිතාරක්ෂක ඖෂධ, වෛද්‍ය උපකරණ ලබා දෙයි.

Spread the love

යාපනය ශික්ෂණ රෝහලට ජීවිතාරක්ෂක ඖෂධ සහ උපකරණ ට්‍රක් රථ දෙකක් ඉන්දිව ලබා දුන්නේය. දැඩි ආර්ථික අර්බුදයක් මධ්‍යයේ සිටින ශ්‍රී ලංකාවේ ජනතාවට අඛණ්ඩව සහයෝගය දැක්වීමේ කොටසක් ලෙස මෙම පරිත්‍යාගය සිදුකෙරිණ .

දිවයිනේ උතුරු පළාත පුරා මූලික සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහතික කිරීම සඳහා තවත් ඉන්දියානු ආධාර සැලසුම් කර ඇත.මෙම සැපයුම් යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් රාකේෂ් නට්‍රාජ් විසින් අධ්‍යක්ෂ (වැඩබලන) යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ (වැඩබලන) ආචාර්ය නන්තකුමාර් වෙත භාර දෙන ලදී.

මේ බව දන්වමින් යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කොන්සල් ජනරාල් කාර්යාලය සඳහන් කර ඇත්තේ උතුරු පළාතේ සාමාන්‍ය සහ බරපතල ප්‍රතිකාර අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා තවත් ඉන්දියානු ආධාර ලබාදීමට නියමිත බවයි.

ඉන්දියාවේ අසල්වැසියන්ට පළමුව යන ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය වීමට නැවත වරක් ඉදිරිපත් වී ඇගි බව ‍‍ ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

පසුගිය සිකුරාදා දින ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් සුවසැරිය-1990 ගිලන් රථ සේවාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෛද්‍ය සැපයුම් ටොන් 3.3 ක් ලබාදීමේ ඉන්දීය කැපවීම දැක්විය හැක. ශ්‍රී ලංකා රුපියල් මිලියන 370 කට අධික වෛද්‍ය සැපයුම් පසුගිය මාස දෙක තුළ පමණක් ඉන්දියාවෙන් ලබා දී ඇත.

පසුගිය සති කිහිපය තුළ ඉන්දියාව සහල්, කිරිපිටි සහ භූමිතෙල් වැනි අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ද ලබා දී ඇත.

කිලිනොච්චිය සහ වවුනියාව දිස්ත්‍රික්කවල පවුල් 50,000 කට ආසන්න පිරිසකට ප්‍රතිලාභ සැලසෙන අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය සඳුදා දින යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය විසින් භාර දෙන ලදී.

යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් රාකේෂ් නට්‍රාජ් විසින් කිලිනොච්චිය සහ වවුනියාව යන දිස්ත්‍රික්ක දෙකෙහිම පවුල් 50,000 කට ආසන්න පිරිසකට ප්‍රතිලාභ සැලසෙන සහන ද්‍රව්‍ය ලබාදුන් බව යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය ට්විටර් පණිවිඩයක් මගින් පැවැසීය.

මන්නාරම සහ යාපනය ප්‍රදේශවල පවුල් විශාල ප්‍රමාණයකට පසුගිය දින 10ක පමණ කාලය තුළ සහනාධාර බෙදා දී ඇත.

ඉන්දීය ආධාර වල කොටසක් ලෙස සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් සහ කිරිපිටි මෙට්‍රික් ටොන් 500 ක් ශ්‍රී ලංකාව පුරා බෙදා හැරීමට ලබා දී ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Related Posts