ඉන්දියාව සෙනසුරාදා පැවති රැස්වීමකදී ජාතික කොඩි 78,220 ක් එකවර ලෙළවා ලෝක වාර්තාවක් නිර්මාණය කර තිබේ.

බිහාර් ප්‍රාන්තයේ භෝජ්පූර් හි පැවති වීර් කුන්වර් සිං ජයග්‍රාහී උත්සව වැඩසටහනට සමගාමීව ත්‍රිවර්ණ ධජ එසවීමෙන් ඉන්දියාව ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වූ බව ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය සඳුදා නිවේදනය කළේය.

මෙම අවස්ථාව 1857 නිදහස් අරගලයේ ‘වීරයෙකු’ ලෙස සැලකෙන එවකට ජග්දිෂ්පූර් රජු වූ වීර් කුන්වර් සිංගේ අභිමානවත් ජයග්‍රහණයට උපහාරයක් විය. බාබු කුන්වර් සිං ද එකල ජාතිය ඉදිරියේ පසුගාමී හා පීඩිතයන්ගේ සුබසාධනයේ විශිෂ්ට සමාජ ප්‍රතිසංස්කරණවාදියෙකු වූ අතර ඔහු එම අදහස ඉදිරිපත් කර තිබුණි.

‘නිදහසේ අමෘතය සැමරුම් උත්සවය යටතේ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී. මෙම ජයග්‍රහණය ගිනස් ලෝක වාර්තා පොතේ නියෝජිතයින් විසින් දැක තිබේ. මෙම අවස්ථාවට ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ද එක්ව සිටියා.

සිය දේශනයේදී ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ 2047 දී ඉන්දියාව ගෝලීය වශයෙන් නායකත්වය දිය යුතු බවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අපේක්ෂා කර ඇති බවයි. අද බිහාර් ජනතාව බාබු ජීට උපහාර පුද කර වීර් කුන්වර් සිංගේ නම ඉතිහාසයේ සදා අමරණීය කර ඇති බව ඔහු පැවසීය.

2004 වසරේ ලාහෝර් නුවර පැවති උත්සවයකදී පකිස්ථාන ධජ 56,000ක් පමණ ලෙළදීමේ දී මීට පෙර ලෝක වාර්තාව පිහිටුවූයේ පකිස්ථානය විසින් බව සඳහන් කළ හැක.