ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය සමඟ දිගින් දිගටම පොරබදමින් සිටින පසුබිමක ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක් ඉන්දීය ආධාර යටතේ කොළඹට ළඟා විය.

පසුගිය කාලය මුළුල්ලෙහිම පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් ඇතුළු ඉන්ධන තොග කිහිපයක්ම ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සපුරාලීම සඳහා දිවයිනට සපයා ඇත. මිට අමතරව ආහාර සහ ඖෂධ ඇතුළු මානුෂීය ආධාර ද ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇත.

බ්‍රහස්පතින්දා හන්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රදේශයේ ජනතාවට සහල්, කිරිපිටි බෙදා හැරීම ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ කැපවීමේ කොටසක් ලෙස මාතර දිස්ත්‍රික්යේ අකුරැස්ස ප්‍රදේශයේ ජනතාව වෙත මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන් පතිරණ මහතා සහ අනෙකුත් නිලධාරීන් ඉදිරියේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම් සිදුකළ බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය කොන්සල් ජනරාල්වරයා පැවසීය.

ඉන්දීය ආධාර මත දිවයින පුරා බෙදා හරිනු ලබන සහල් මෙ.ටොන් 40,000ක් සහ කිරිපිටි මෙ.ටොන් 500 තමිල්නාඩුවෙන් ලබාදුන් මානුෂීය ආධාරවල කොටසකි.යාපනය සහ මන්නාරම ප්‍රදේශවල පවුල් වෙත ද මෙම සැපයුම් බෙදා දී ඇත.

2016 දී ඉන්දියාවේ ආධාර මත ආරම්භ කරන ලද සුවසැරිය නොමිලේ පෙර රෝහල් ගිලන්රථ සේවාව වෙත ජීවිතාරක්ෂක ඖෂධ සහ සැපයුම් තොග ද ඉන්දියාව ලබා දී ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ රෝහල් කිහිපයකටද අත්‍යාවශ්‍ය රෝහල් සැපයූම් ලබා දී මෙන් ශ්‍රී ලාංකීය ජනතාව වෙත ඉන්දියාවේ කැපවීම පෙන්වා දී ඇත.