ඉදිරි සති දෙක තුළ Omicron රෝගීන්ගේ දැවැන්ත වැඩිවීමක් – රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

Spread the love

ඉදිරි සති දෙක තුළ ගෝලීය වශයෙන් කොවිඩ් රෝගීන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ශ්‍රී ලංකාව ද බොහෝ විට Omicron රෝගීන්ගේ විශාල වැඩිවීමකට මුහුණ දෙනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

මෙම අවදානම් තත්ත්වය තුළ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ වැදගත්කම ගැන රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

“පළමු සහ දෙවන මාත්‍රාව තුළින් මිනිසුන් ලබා ගන්නා ප්‍රතිශක්තිය ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. එනිසා බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම අත්‍යශ්‍යයි‘ අමාත්‍යවරයා පැවසුවේය.

මේ අතර, COVID-19 එන්නත පළමු මාත්‍රාව ලබා දී මාස තුනක් සම්පූර්ණ වූ අවුරුදු 16 සිට 19 දක්වා වයස් කාණ්ඩවල ළමුන් දෙවන එන්නත අද (24) සිට ලබා ගැනීමට සුදුසුකම් ලබන බව රාජ්‍ය අමාත්‍ය ජයසුමන මහතා පැවසීය.

පැකිලීමකින් හෝ ප්‍රමාදයකින් තොරව තම දරුවන්ට අදාළ මාත්‍රාවෙන් එන්නත් ලබා දීමට එවන ලෙස ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය

Related Posts