ඇෆ්ගනිස්ථානයේ සියලු පාර්ශ්වයන්ගෙන් සමන්විත නව ආණ්ඩුවක් ස්ථාපිත කරන මෙන් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ඩොවාල් ඉල්ලා සිටියි

Spread the love

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් විසින් අස්ථාවරත්වයක් පවතින ඇෆ්ගනිස්තානයෙහි ස්ථාවර සහ සැමට පිළිගත හැකි රාජ්‍ය පාලනයක අවශ්‍යතාවය ඉස්මතු කළේය. එමෙන්ම ඇෆ්ගනිස්තාන ජනතාව වෙත ඉන්දියාවේ අඛණ්ඩ සහය පවතින බව ද හෙතෙම අවධාරණය කළේය.

මෙම ආරක්‍ෂක සංවාදයට චීනය, රුසියාව, ඉරානය, ටජිකිස්තානය, උස්බෙකිස්තානය, කිර්ගිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ කසකස්තානය යන රටවල ආරක්‍ෂක කවුන්සිලයේ ජාතික ආරක්‍ෂක උපදේශකවරුන් සහ ලේකම්වරුන් සහභාගි විය.

ඇෆ්ගනිස්ථාන ගොඩනැගීමේ සාමූහික ක්‍රියාවලියට කාන්තාවන් සහ සුළු ජාතීන් ඇතුළුව ඇෆ්ගන් සමාජයේ සියලුම කොටස් නියෝජන වන කොටස් සම්බන්ධ කර ගන්නා ලෙස ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක දොවාල් ඉල්ලා සිටියේය.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්තානය තලේබාන් සංවිධානය විසින් අත්පත් කර ගැනීමෙන් පසුව, පිහිටුවන ලද අන්තර්වාර රජය තුළ කිසිදු කාන්තා නියෝජනයක් නොමැති වීම එක් කණ්ඩායමක ආධිපත්‍ය පමණක් පිළිබිඹු කරයි.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක දොවාල් පැවසුවේ ගෞරවාන්විත ජීවිතයකට මෙන්ම සියලු දෙනාගේ විශේෂයෙන්ම කාන්තාවන්ගේ සහ තරුණයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම ඕනෑම සමාජයක අනාගතය සඳහා ඉතා වැදගත් වන බවයි.

තලේබාන් සංවිධානය විසින් කාන්තා හිංසනය ඇති කරන නීතිරීති පැනවීම දක්නට ඇත. විශේෂයෙන්ම කාන්තාවන් ප්‍රසිද්ධියේ සිටින විට සම්පූර්ණයෙන්ම සිය මුහුණ වසන් කළ යුතු බවටද නියෝග කර ඇත. තවද කාන්තා නිවේදිකාවන් රූපවාහිනී සාකච්ඡා හා වැඩසටහන්වලදී සිය මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ඇඳුම් ඇඳ සිටිය යුතු බව තාලිබාන් සංවිධානය විසින් දන්වා ඇත.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට, ඉන්දියාව සිය සම්පූර්ණ කැපවීම වන මෙට්‍රික් ටොන් 50000 න් තිරිඟු මෙට්‍රික් ටොන් 17000 ක්, කෝවිඩ් එන්නත් මාත්‍රා 500000 ක්, අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ ටොන් 13 ක් සහ ශීත සෘතු ඇදුම් මෙන්ම පෝලියෝ එන්නත් මාත්‍රා මිලියන 60 ක් ලබා දී ඇත.

සියවස් ගණනාවක් පුරා ඇෆ්ගනිස්ථානයේ ජනතාව සමඟ ඇති විශේෂ සබඳතාව ඉන්දියාවේ ප්‍රවේශයට මග පෙන්වනු ඇත. යැයි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ඩොවාල් පැවසුවේය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Related Posts