ඇෆලටොක්සීන් පොල් තෙල් මගින් අක්මාවේ පිළිකා ඇතිවිය හැකියි – මහාචාර්ය අර්ජුන ද සිල්වා

Spread the love

මෙරටට ආනයනය කෙරුණු පොල්තෙල්වල ඇතැයි පැවැසෙන ‘‘ඇෆලටොක්සීන්‘‘ නමැති විෂ රසායනය ආහාරයට එක්වුවහොත් අක්මාවේ පිළිකා ඇතිවිය හැකි බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළ බව ලංකාදීප ඊ පුවත්පත අද (28) වාර්තා කළා.

‘මෙම කරුණ ගැන ජනතාවගේ අවධානය යොමු කරමින් මහාචාර්යවරයා මෙසේ ද සදහන් කර තිබෙනවා,

‘‘මෙම විෂ කාණ්ඩය නිපදවන්නේ ඇස්පර්ජිලස් ප්ලෙවස් කියන දිලීර විශේෂයකින්. ඒක සාමාන්‍යයෙන් අක්මාවට අහිතකර දෙයක්. මේ විෂ එක පාරට විශාල ප්‍රමාණයක් ශරීර ගත වුවත් , කුඩා ප්‍රමාණ වශයෙන් දීර්ඝ කාලයක් ශරීර ගත වුවත් ප්‍රශන ඇති වෙනවා. වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට මෙහි බලපෑම වැඩියි. මන්ද කුඩා දරුවන්ගේ  අක්මාවේ දරාගැනීම වැඩිහිටියන්ට වඩා අඩු නිසා. දරුවන්ගේ වර්ධනයට පවා මෙමගින්  අහිතකර බලපෑම් ඇතිවෙන්න පුළුවන්‘

මේ අතර දිවයිනේ විවිධ ප්‍ර දේශවලින් අහඹු ලෙස ලබාගත් පොල් තෙල් සාම්පල සීයකින් අටක් පිළිකාකාරක ඇෆලටොක්සීස් අඩංගුදැයි සොයාගැනීම සඳහා පොල් සංවර්ධන මණ්ඩලයට අද ( 28) බාරදුන් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසූ බව ද ලංකාදීප ඊ පුවත්පත වාර්තා කළා.

පොල් සංවර්ධන මණ්ඩලයේ පර්යේෂණ අංශය ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා වාර්තාවක් සතියකදී බාරදෙනු ඇති බවත්මේ අයුරින් දිවයිනේ තවත් ප්‍රදේශවලින් පොල්තෙල් සම්පල ලබාගැනීම ඉදිරියටත් සිදුකෙරන බවත් එම අධිකාරියේ කණ්ඩායම් කිහිපයක් ඒ සඳහා යොදවා ඇති බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කර තිබෙනවා.

විෂ පොල්තෙල් පරීක්ෂණයෙන් එක් සමාගමක් දෙවන වරටත් අසමත් – ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

ආනයනය කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය අන්තර්ගත වීම නිසා එක සමාගමක පොල්තෙල් දෙවැනි වරටත් තත්ත්ව පරීක්‍ෂණය අසමත් වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසා තිබෙනවා.

සාමාන්‍යයෙන් ප්‍රමිති ආයතනය පොල්තෙල් තොගයකින් සාම්පල් දෙකක් ලබාගන්නා බවත් එක සමාගමක දෙවැනි සම්පලය ද තත්ත්ව පරීක්‍ෂණය අසමත් වූ බවත් අදාල ආනයනික සමාගමේ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය නියමිත ප්‍රමාණය ඉක්මවා පැවතීම තත්ත්ව පරීක්‍ෂාව අසමත් වීමට හේතුව බවත් එම තොගය ප්‍රතිඅපනයන කිරීමේ වගකීම රේගුව සතු බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා පැවසුවා.

Related Posts