ආසාදිතයින් වැඩි වුවහොත් නිවෙස්වලත් රැඳවීමට සිදුවෙයි – රාජ්‍ය ඇමතිනි සුදර්ශනී

Spread the love

ඉදිරි දිනවලදී කොවිඩ්-19 ආසාදිතයන් හමුවීම ප්‍රමාණාත්මකව වැඩි වුවහොත් සමහරුන් නිවෙස්වලත් රැඳවීමට සිදුවනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (07) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය, ‘ආසාදිතයින් එසේ නිවෙස්වල රැඳවීමට සිදුවන අවස්ථාවල දී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් මේ වනවිට සකස් කරගෙන යනවා. එසේම කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ හුදෙකලා කිරීම පිළිබඳව තීරණ ගනු ලබන්නේ දේශපාලනිකව නොව ආසාදිතයන් වාර්තාවීම අනුව වසංගත විද්‍යාත්මකවයි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ දැනුවත්භාවය මත වසම් මට්ටමෙන් වසා දැමීමේ බලය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට හිමි වෙනවා‘

මෙහිදී අමාත්‍යවරිය පැවසුවේ අවශ්‍ය වුවහොත් ඇතැම් විට රට වසා දැමීමේ තීරණයකට වුවද යා හැකි බවයි.

Related Posts