ආනයනික සිමෙන්තිවල ප්‍රමිතිය පිළිබද කිසිදු පරීක්ෂණයක් නෑ – NCASL පවසයි

Spread the love

මෙරටට ආනයනය කිරීමේදී සිමෙන්තිවල ප්‍රමිතිය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ කිසිදු පරීක්ෂණයක් සිදු කර නොමැති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය (NCASL) පවසයි.

ප්‍රධාන වශයෙන් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් සිමෙන්ති ආනයනය කරන නමුත් ආනයනය කරන ලද සිමෙන්ති දැඩි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවන බව පවසන එම සංගමය සිමෙන්ති තොග ගොඩබෑමට පෙර තත්ත්ව පරීක්ෂාවක් සිදු කර ඇත්නම් ඒ පිළිබඳ වාර්තාවක් පෙන්වන ලෙස වගකිවයුතු බලධාරීන්ට අභියෝග කරයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සිමෙන්ති කොට්ටවල තත්ත්ව පරීක්‍ෂා කළ බවට තහවුරු කරන ලේබල් මුද්‍රණය කර ඇති නමුත් ගොඩබෑමට පෙර සිමෙන්තිවල එවැනි තත්ත්ව පරීක්‍ෂා කිරීමක් ගැන තම සංගමය අසා නැති බවයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය අවධාරණය කළේ.

Related Posts