ආණ්ඩුවේ මර්දනයට එරෙහිව නොවැම්බර් 02 දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වනවා
- Editor
- October 14, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
රටේ ජනතාව බාල්දු කර, ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාකර, ආණ්ඩුව තවමත් බලයේ රැඳී සිටින්නේ කෙසේදැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රශ්න කර සිටිනවා.
එසේ ඔවුන් රැඳී සිටින්නේ මර්දනය භාවිතා කරමින් බවත්, එබැවින් එම මර්දනයට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත්, එහි පළමු පියවර ලෙස නොවැම්බර් 02 වැනිදා දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවත් ඔහු සඳහන් කරනවා.
ඒ සඳහා අරගලයේ ක්‍රියාකාරීන්, දේශපාලන පක්ෂවල නායකයින්, බහු ජන සංවිධාන සහ වෘත්තීය සමිති සියල්ල එක්ව ඒකාබද්ධව මෙම විරෝධතාව පැවැත්වීමට නියමිත බවද ඔහු සඳහන් කළා.

