ආණ්ඩුවේ කොළඹ සැලසුම් රනිල් ප්‍රසිද්ධියේම ඉරා දමයි

Spread the love

කොළඹ මහ නගර සභා සීමාව තුළ නිවාස 3,529 ක් ඉවත් කිරීමේ ආණ්ඩුවේ සැළසුමට විරෝධය පළකරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් යෝජනාවලිය ඊයේ (02 ඔක්.) බම්බලපිටියේ මහජන හමුවකදී ප‍්‍රසිද්ධියේ ඉරා දැමීය.
කොළඹ දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි රෝසි සේනානායක මහත්මියගේ මෙහෙයවීම යටතේ කොළඹ පුරපති අපේක්ෂක ඒ.ජේ.එම. මුසම්මිල් මහතා ඇතුළු අපේක්ෂකයන් හා එජාප ක‍්‍රියාකාරීන් රැසක් සහභාගි වූ රැස්වීමකදී එජාප නායකයා මෙසේ මේ යෝජනාවලියට විරෝධය පළකරමින් එය ඉරා දමනු ලැබිය.
කොළඹ මහ නගර සභාව අපි දින්නට පස්සේ ගෙවල් කඩන්න ඉඩ දෙන්නේ නැතැයිද රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
‘අඩු ආදායම්ලාභීන්ගේ ගෙවල් 8,000ක් ෆ්ලැට් කරනවා කියලා කියලා තිබෙනවා. ෆ්ලැට් කරායින් පස්සේ ඕගොල්ලෝ කොහේද යන්නේ. සමහරුන්ට වව්නියාවට යන්න කියලා තියනවා. අනික් අයට හෝමාගමට යන්න කියලා තියෙනවා. ඉතුරු උන අයවට කැලණි ගඟට පනින්න කියලා තියෙනවා. ඒකයි සිදුවෙලා තියෙන්නේ. ඒකටද ඡුන්දේ දෙන්නේ කියලා මම අහන්න කැමතියි. අපි ඉන්නේ කොළඹ නගරය බේරගෙන කොලොන්නාව බේරගෙන කෝට්ටේ බේරගෙන හැම ප‍්‍රදේශයම බේරන්න. මෙතන ලොකුවට කියනවලූ. ඡුන්දෙ දුන් නැත්නම් කඩනවලූ. බලමු කොහොමද කඩන්නේ කියලා. අපි මේ සියලූ නගර සභාවල බලය ගන්නවා. එදා මේ එක ගෙයක් කඩන්න ඉඩ තියන්නේ නැහැ කියලා මං කියන්න කැමතියි’

RSL

Related Posts