ආණ්ඩුවේ ‘අවනීතියට’ එරෙහිව ලබන වසරේ ජනවාරියේ බහුජන විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
ඒ අනුව ජනතාව මහපාරට කැඳවන දීපව්‍යාප්ත මට්ටමේ උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට තීරණය කර ඇති බව කුණ්ඩසාලේ ප‍්‍රදේශයේ ඊයේ(03) පැවති උත්සවයකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායකමහතා කියා සිටියේය.
තවද, හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මුලිකත්වයෙන්ද රටපුරා උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කිරීමටද කටයුතු සුදානම් වෙමින් තිබේ. අනෝමා ෆොන්සේකා මහත්මියද එම උද්ඝෝෂණවලට සහභාගීවීමට නියමිත බව වාර්තාවේ.