ආගමික ස්ථානවල විදුලිබිලට සහනාධාර ලබාදීමට විරුද්ධත්වයක් නැහැ – ජනක රත්නායක
- Editor
- September 25, 2022
- ආර්ථික සහ ව්‍යාපාරික
- 0 Comments
ආගමික ස්ථානවල විදුලිබිල සඳහා සහනාධාර ලබාදීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ විරෝධතාවක් නොමැති බව එහි සභාපති ජනක රත්නායක පවසනවා.
ඒ අනුව අදාළ සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ රජය විසින් බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
මෙතෙක් කාලයක් විදුලිබිල ගෙවීම සිදුකළේ ලංකා විදුලිබල මණ්ඩලයෙන් බවත් එය දැරීමට සිදුවූයේ සාමාන්‍ය මහජනතාවට බවද ඔහු සඳහන් කළේ.
මහජනතාවට තවදුරටත් එම බර ලබාදීමට නොහැකි බවත් ඒ හේතුවෙන් විදුලි පරිභෝජනය හැකිතාක් දුරට අඩු කිරීමට කටයුතු කළ යුතු බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

