අලි වැට: COPA කාරක සභාවේදී හෙළි වූ තිත්ත ඇත්ත

Spread the love

අලි මිනිස් ගැටුම් වැලැක්වීම සඳහා වසර 2019 දී සහ වසර 2020 දී රුපියල් 49 කෝටියක් වැය කර තිබුණද අලි මිනිස් ගැටුම අවම වීමක් සිදුවී නොමැති බව පාර්ලිමේන්තුවේදී ඊයේ (25) පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය.

අලි මිනිස් ගැටුම් වැලැක්වීම සඳහා 2019දී විදුලි වැට ඉදිකිරීමට වැය කරන ලද වියදම රුපියල් 275,447,639කි. එමෙන්ම වසර 2020 දී ඒ සඳහා වැය කළ මුදල රුපියල් 221,505,818 කි.මෙම මුදල වැය කොට ඉදි කරන ලද විදුලි වැටේ සම්පූර්ණ දිග ප්‍රමාණය කිලෝමීටර් 4,756ක් වේ.

කෙසේ වුවත් 2021 වර්ෂයේ මාර්තු 23 වන විට ලංකාව තුළ අලි මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් මරණ 28ක් සහ අලි මරණ 83ක් වාර්තා වී ඇති බවද කමිටුවේදී හෙලිදරව් විය.

මෙම රැස්වීමට කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන තිස්ස අත්තනායක,නිරෝෂන් පෙරේරා, මොහොමඩ් මුසම්මිල්, එස් ශ්‍රීධරන්, වෛද්‍ය උපුල් ගලප්පත්ති, බී.වයි.ජී. රත්නසේකර, වීරසුමන වීරසිංහ, ආචාර්ය හරිනි අමරසූරිය සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් සහ මුතුරාජවෙල සුරැකීමේ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක්ද සහභාගී වූහ.

Related Posts