ගෝඨා ගෝ ගම ඉවත් කිරීම සම්බන්ධයෙන් සජිත් දැඩි කනස්සල්ලෙන් RSL July 22, 2022 දේශපාලන, පුවත් සහ වාර්තා 0 Comments Spread the love ගෝල්ෆේස් අරගල කරුවන්ට මාධ්‍යවේදීන්ට සහ සිවිල් පුරවැසියන්ට අද අළුයම හමුදාව මගින් එලව දැමීම සහ ඊට නියෝග දුන් සියලුම දෙනාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය . මෙම නින්දා සහගත බියගුලු ප්‍රහාරය පිළිබඳව තමා දැඩි කම්පනයට පත්ව සිටින බවත් ප්‍රහාරය පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් ඔහු සඳහන් කළේය .රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුවට එරෙහිව මුළු රටම නැගී සිටින දිනය වැඩි ඈතක නොවන බවද විපක්ෂ නායකවරයා කීවේය.ඔහු මෙසේ පැවසූවේ අරගල කරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.