ඉන්දීය අධ්‍යාපන, නිපුණතා සංවර්ධන සහ ව්‍යවසායකත්ව පිළිබඳ ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරතවේ. මෙම සංචාරයේ දී ඔහු විසින් ද්විපාර්ශ්වික සබඳතා සහ අධ්‍යාපනය හා නිපුණතා සංවර්ධනය අංශය වැඩි දියුණු කිරීම පිළිබඳව ඔස්ට්‍රේලියාව සමග සාකච්ඡා කිරීමට නියමිතය.එහිදී 6 වැනි ඔස්ට්‍රේලියානු-ඉන්දියා අධ්‍යාපන කවුන්සිලයේ සම සභාපතිත්වය ඔහු විසින් දරනු ඇත.

ඉන්දීය අධ්‍යාපන අමාත්‍යාංශය සෙනසුරාදා ප්‍රකාශ කළේ ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ප්‍රධාන්ගේ ඕස්ට්‍රේලියානු සංචාරයේ අරමුණ ඉන්දු-ඕස්ට්‍රේලියානු සබඳතා ශක්තිමත් කිරීම, අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධන සම්බන්ධය සහ සහයෝගීතා අංශය ගවේෂණය කිරීම බවයි.

සංචාරයට පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේ දැනුමේ ආර්ථික ස්ථාපිත කිරීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් බවයි. මේ සඳහා ඉන්දියා-ඕස්ට්‍රේලියා ද්විපාර්ශ්වික සබඳතාවල නව ජවයක් සපයන බව ඔහු පැවසීය.

මෙම සංචාරය අරමුණු අතර අන්තර් ජාතික දැනුමේ පාලම් ගොඩනැගීමටත්, ඉගෙනීම, නිපුණතා, පර්යේෂණ, නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය යන සෑම අංශයකම දෙරටේ ක්‍රියාකාරකම් තවදුරටත් පුළුල් කිරීමටත්, හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

ඕස්ට්‍රේලියාවේ සිටියදී ඔහුගේ කාලසටහන පිළිබඳ තොරතුරු නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ අමාත්‍ය ප්‍රධාන් ඕස්ට්‍රේලියාවේ සිටින ඉන්දියානු ඩයස්පෝරාව සමඟ ද සාකච්ඡා කිරීමට නියමිත බවයි.

සඳුදා ඔහුගේ සංචාරයේ දෙවන දිනයේදී, ප්‍රධාන් බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලයට ඕස්ට්‍රේලියානු අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් සමඟ 6 වන ඕස්ට්‍රේලියානු-ඉන්දියා අධ්‍යාපන කවුන්සිලයේ සම සභාපතිත්වය දරනු ඇත.

ප්‍රධාන් නිවු සවුත් වේල්ස් අධ්‍යාපන අමාත්‍යවරිය වන සාරා මිචෙල් සමග පාසලකට ද පැමිණෙනු ඇත. සිඩ්නිහිදී, ඔහු නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයට ද යැමට නියමිතය.අමාත්‍ය ප්‍රධාන් උපකුලපතිවරුන් සහ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් හමුවීමට නියමිතය.

ඔහු ඕස්ට්‍රේලියානු ඉන්දියානු වාණිජ මණ්ඩලයට ද සහභාගී වන අතර මොනෑෂ් විශ්ව විද්‍යාලය සංවාදයක් පවත්වනු ඇත. අමාත්‍යවරයා ඕස්ට්‍රේලියානු-ඉන්දියා පර්යේෂණ හවුල්කාරිත්වයක් ඇති කිරීම පිළිබඳ අට දෙනාගේ කණ්ඩායම සමඟ සංවාදයක නිරත වීමට නියමිත බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්