අත්‍යවශ්‍ය නොවන ගමන්බිමන් වලට රජයේ වාහන බෑ

Spread the love

රජයේ වාහන අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා යෙදවීමෙන් වළකින්නැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා රජයේ ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් යවමින් උපදෙස්දී තිබෙන අතර රජයේ වාහන භාවිතා කරන ප්‍රධානීන් කොළඹ පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණ වැඩමුළු සහ සාකච්ඡා සඳහා කැඳවීම සීමා කිරීමටද අමාත්‍යංශ ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට දැනුම්දී තිබෙනවා.

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සදහන් කළේ ඉන්ධන භාවිතය අඩු කිරීමත් ඉන්ධන සඳහා වැයවන වියදම අඩුකර ගැනීමත් අරමුණින් මෙම ක්‍රියාමාර්ග ගත් බවයි.

‘රජයේ ආයතනවල නිලධාරීන් රජයේ වාහනවලින් කොළඹ රැස්වීම්වලට කැඳවීම වෙනුවට එම රැස්වීම් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමටද ඉදිරියේදී කටයුතු කරන බව ද රත්නසිරි මහතා වැඩි දුරටත් පැවසුවේය.

Related Posts