අඩු මිලට බඩු ගන්න සතොසේ පොරකති…!

Spread the love

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සතොස මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 08 ක මිල (08) දින රාත්‍රියේ සිට අඩු කිරිමත් සමග පාරිභෝගිකයන් විශාල පිරිසක් සතොස ආහාර ද්‍රව්‍ය මිල දි ගන්නා ආකාරයක් දැකිය හැකිය.

වියළි මිරිස් කිලෝවක් රු 300 කින් අඩු කර ඇති අතර , නව මිල රු 850  , චිනයෙන් ආනයනය කරන ලද බි ළුණු කිලෝවක් රු 120 කින් අඩු කර ඇති අතර නව මිල 375 , ඉන්දියාවෙන් ආනයනය කරන ලද බි ළුණු කිලෝවක් රු 50 කින් අඩු කර ඇති අතර නව මිල රු 445 , පාකිස්ථානයෙන් ආනයනය කරන ලද බි ළුණු රු 50 කින් අඩු කර ඇති අතර නව මිල 445 , සුදු ළුණු රු 15 කින් අඩු කර ඇති අතර නව මිල රු 680 , ආනයනික අර්තාපල් රු 10 කින් අඩු කර ඇති අතර නව මිල රු 165 , රතු පරිප්පු රු 7 කින් අඩු කර ඇති අතර නව මිල රු 298 , සුදු කැකුළු සහල් රු 3 කින් අඩු කර ඇති අතර නව මිල රු 189 කි.

උත්සව සමය අවසන් වන තෙක්ම පාරිභෝගිකයන්ට උපරිම සේවාවක් ලබාදෙන බව හැටන් සතොස පවසයි.

– රංජිත් රාජපක්ෂ

Related Posts