අගෝස්තු නිවාඩුව සතියයි – අධ්‍යපන ඇමති

Spread the love

පාසල් දෙවනවාරය සඳහා අගෝස්තු මාසයේ ලබාදෙන නිවාඩුව සතියකට සීමා කරන බවත් අධ්‍යාපන ඇමති ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය. මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට තිබූ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි මස අවසන් සතියේ පැවැත්වීමට කටයුතු කරන බවයි.

මේ වසරේ පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ගැන ද කරුණු පැහැදිලි කළ අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතයව තිබූ උපොස උසස්පෙළ විභාගය ඔක්තෝබර් 04 වෙනි දින සිට 30වෙනි දින දක්වා පැවැත්වෙන බවත් 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 03 වන දින පැවැත්වීමට නියමිත බවත්ය.

Related Posts