ෆොක්ස්ගේ අරමුදලෙන් ශ්‍රී ලංකාවට වැඩක් වී නැහැ

Spread the love

බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක ලේකම් ලියම් ෆොක්ස්ගේ ශී‍්‍ර ලංකා චාරිකා සඳහා මුදල් වැය කිරීම හැර, ඔහු විසින් පිහිටුවනු ලැබූ බව කියන ශී‍්‍ර ලංකා සංවර්ධන අරමුදල මඟින් ලාංකික ජනතාවට කිසිදු සේවයක් සිදුව නොමැති බව බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

යුද්ධයෙන් පසුව දිවයින යළි ගොඩනැංවීමේ අරමුණින් තමන් 2009දී ලාංකික ව්‍යාපාරික, බැංකු හා දේශපාලන වෘත්තිකයින් හා එක්ව එම අරමුදල පිහිටවූ බව ආරක්‍ෂක ලේකම්වරයා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට පවසා ඇත.

තමා හෝ තම මිතුරා වන ඇඩම් වෙරිටි හෝ එමඟින් කිසිදු ලාභයක් නොඉපයූ බව ඔහු වැඩිදුරටත් කියා තිබේ.

කෙසේ වෙතත්, බීබීසී වාර්තාකරු චාල්ස් හැවිලන්ඞ් පවසන්නේ, ශී‍්‍ර ලංකා සංවර්ධන අරමුදල නමින් ආයතනයක් දිවයිනේ ලියාපදිංචි කොට නොමැති බවයි.

ශී‍්‍ර ලංකා රජය සමඟ මෑතක් වනතුරු කටයුතු කළ බෙල් පොටින්ගර් මහජන සබඳතා ආයතනයේ ප‍්‍රධානී බෙල් සාමිවරයා පවසන්නේ, එම අරමුදලට සම්බන්ධව පැවති වූ උප අරමුදල් දෙකක් මේ වන විට කි‍්‍රයාත්මක තත්ත්වයේ නොපවතින බවයි.

එම අරමුදලේ ලිපිනය ලෙසට බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක ලේකම්වරයා ලබාදී ඇති ස්කොට්ලන්තයේ එඩින්බර්ග්හි එවැනි කාර්යාලයක් නොමැති බව මාධ්‍යවේදීන් වාර්තා කොට ඇත.

RSL

Related Posts