ෆෙඞ්රිකා සුදුසු 20-20 කි‍්‍රකට් තරඟවලට

Spread the love

සුදු කොඩි නඩුවේ විත්තියේ දේශන ආරම්භ කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඊයේ (12 ඔක්.) විවෘත අධිකරණයේදී පැවසුවේ ෆෙඞ්රිකා ජෑන්ස් ජනමාධ්‍යට සුදුසු තැනැත්තියක් නොවෙන බවත්, ඇය සුදුසු විස්සයි – 20 කි‍්‍රකට් තරගවලට බවත්ය.

හිටපු හමුදාපතිවරයාට නගා ඇති චෝදනා දෝෂ සහිත බවත්, අදාළ දෝෂ හේතුවෙන් මේ නඩුව ඉදිරියට ගෙනයා නොහැකි බවද ඒ මහතා අධිකරණයට දැන්වීය.

තෙවැනි චෝදනාව විත්තිකරුට අදාළම නොවෙන බවත් එය අදාළ වන්නේ රජයට බවත් ඔහු කීය.

චෝදනා පත‍්‍රය ගොනුකර ඇත්තේ සිංහලෙන් බවත් එහෙත් එම චෝදනා පත‍්‍රයට අදාළ මූලාශය ෆෙඞ්රිකා ලියන ලද ලිපියක් බවත් ඉංගී‍්‍රසි ලිපිය පරිවර්තනය වීමේදි ඇති දෝෂ ඇති විය හැකි බවද ලද්දුවහෙට්ටි මහතා කීය.

මෙම නඩුව යළි අද දිනයේදී කැඳවීමට නියමිතය.

RSL

Related Posts