හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වාගේ නිල කාලය තුළදී ඒ මහතා ප්‍රකාශයට පත් කරන ලද නඩු තීන්දු පිළිබදව විමසා බැලීමට පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරිමට එරෙහිව ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ, නීතිඥයන් 153 දෙනෙකුගේ අත්සන සහිතව සංගමයේ හදීසි රැස්වීමක් කැඳවන ලෙස එහි සභාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.එම නීතිඥයින් 153 දෙනා පවසන්නේ රටේ සහ අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා එම පාර්ලිමේන්තු කමිටුව පත් කිරීමට එරෙහිව නීතිඥ සංගමය කටයුතු කළ යුතු බවය.වැඩිදුරටත් ඔවුන් සදහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ජේදය අනුව පාර්ලිමේන්තු කමිටුවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ හැසිරීම පිළිබදව ප්‍රශ්න කළ හැක්කේ ඔහු එම තනතුර දරමින් සිටියදී පමණක් බවය.ඒ අන්දමට යම් විනිසුරුවරයෙක් විශ්‍රාම යාමෙන් පසු ඔහුගේ නිල කාලය තුළ කටයුතු කළ අන්දම පාර්ලිමේන්තු කමිටු ලවා ප්‍රශ්න කළහොත් දැනට සිටින විනිශ්චකාරවරුන්ට එය බලපාන බව එම නීතිඥ පිරිස පෙන්වා දෙයි.එම පාර්ලිමේන්තු කමිටුව පත් කිරිම වැළැක්වීමට ශ්‍රි ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් විය යුතු බව එම නීතිඥවරුන් පවසයි.
වැඩිදුරටත් ඔවුන් පවසන්නේ ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ ව්‍යවස්ථාව අනුව හදීසි රැස්වීමක් කැදවීමට සාමාජික නීතිඥවරුන් 100ගේ අත්සන් සහිතව ඉල්ලීමක් කළ යුතු බවය.
ඒ ඉල්ලීම සදහා නීතිඥවරුන් 153 දෙනෙක් අත්සන් කර තිබෙන බව ඔවුන් කියා සිටී.