සුදුකොඩි නඩුවේ බෙදුණු තීන්දුවකින් හිටපු හමුදාපතිට වසර 3 ක සිර දඬුවම්

Spread the love

සරත් ෆොන්සේකා මහතාට අද වසර තුනක සිර දඩුවම් නියම කෙරුණු සුදු කොඩි නඩුවේ තීන්දුව ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බෙදුණු තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණි. දීපාලි විජේසුන්දර සහ ඒ. ඉසෙඩ්. රසීන් යන විනිසුරුවරු මෙම දඩුවම නියම කළහ.

ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ අනෙක් විනිසුරු ඩබ්ලිව්.එම්.ටි.බි. වරාවැව මහතා මෙම තීරණය සමග එකඟ නොවුණි.වරාවැවගේ විරෝධයට හේතු දැක්වීමට පවා අනෙක් විනිසුරුවෝ දෙදෙනා ඉඩ නොදුන්හ.

1 වන චෝදනාවට වැරදි කරු කරමින් මෙම තීන්දුව දුන් අතර 2 වන සහ 3 වන චෝදනා වලින් ෆොන්සේකා මහතා නිදහස් කෙරින. 1 වන චෝදනාව නම් අසත්‍ය ප‍්‍රකාශක් කිරීමයි. ෆොන්සේකා මහතා අධිකරණයේදී ප‍්‍රකාශයක් කරමින් මෙම තීන්දුවට තමා පිළිගන්නේ නැතැයිද මෙය බලපෑම් මත දුන් තීන්දුවක් බවද ප‍්‍රකාශ කෙළේය.

සුදු කොඩි රැගෙන පැමිණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට වෙඩි තබැන්නැයි, ආරක්ෂක ලේකම්වරයා එවක බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට උපදෙස් දුන් බවට සන්ඩේ ලීඩර් පුවත්පතට කළ බව පැවසෙන ප්‍රකාශය එම චෝදනාව විය.

දීපාලි විජේසුන්දර, ඩබ්ලිව්.එම්.ටි.බි.වරාවැව සහ ඒ.ඉසෙඩ් රසීන් යන මහාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව වසරක පමණ කාලයක් විභාග කෙරුණි.

නඩු විභාගය අවසන් වූයේ ඉකුත් ඔක්තෝම්බර් මස 18 වැනිදායි.

RSL

Related Posts