සිරස බැටලු හමක් පොරවාගත් වෘකයෙක් – මංගල සමරවීර

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ සිරස යනු බැටලු හමක් පොරවාගත් වෘකයෙක් බවත් කිසිදු හිරිකිතයකින් තොරව තම ව්‍යාපාර හා දේශපාලන අභිමතයන් සදහා සිය මාධ්‍ය ප්‍රතිපත්ති හිතුමනාපයේ වෙනස් කිරීමේ පුරුද්දක් ‘සිරසේ’ මහාරාජා මුදලාලිට ඇති බවත් පවසයි.
මෙවැනි ප්‍රතිපත්තියක් නොමැති සදාචාර විරෝධි නාලිකා නුදුරේදීම ජනතාව ප්‍රතික්ෂේප කරනු ඇතැයි ද එ සදහා ජනතාව සුදානම් බවද ඔහු අවධාරණය කර සිටියි.
ඊයේ (28 සැප්.) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සමරවීර මහතා මෙම අදහස් පළ කළේය.
කොළඹ නගරයේ සංවර්ධනය වෙනුවෙන් රජය සතුව නිසි වැඩපිළිවෙළක් නොමැති බවද පවසන සමරවීර මහතා හැකි නම් පසුගිය වසර 05 ක කාලය තුළ කොළඹ නගරයේ සංවර්ධනය වෙනුවෙන් රජය ඉටුකළ කාර්යයභාරය පිළිබඳව ප්‍රකාශ කරන ලෙසද රජයට අභියෝග කළේය.

Loading...

RSL

Related Posts