සෑම තත්ත්පර 10 කට වරක් දියවැඩියා රෝගීන් දෙදෙනෙකු බිහිවේ

Spread the love

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 10ක් පමණ දෙනා දියවැඩියා රෝගයට ගොදුරු ව ඇතැයි සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි. විශේෂයෙන් කුඩා දරුවන්ට දියවැඩියා රෝගය වැළඳීමේ ඉහළ යැමක් ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂ දියවැඩියා සායනයක් පවත්වාගෙන යන බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය සනත් පී. ළමාබදුසූරිය මහතා පැවසීය.

වසර 2025 වන විට දියවැඩියා රෝගයේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. ඒ අනුව වසර 2050 වන විට ලෝක ජනගහනයෙන් හරි අඩක් දියවැඩියාවට ගොදුරුවීමේ අවදානමක් ද ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. 1991 දී ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉහළ යන දියවැඩියා රෝගීන් ප්‍රමාණය සලකා දියවැඩියා දිනයක් ප්‍රකාශයට පත් කරන ලදී. ලෝකයේ සෑම තත්ත්පර 10කට වරක් දියවැඩියා රෝගීන් දෙදෙනෙකු බිහි වන අතර වසරකට මිලියන 07ක නව දියවැඩියා රෝගීන් වාර්තාවන බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.

“දියවැඩියාව පාලනය අද ම අපේ අතට ගනිමු” යන්න මෙවර ලෝක දියවැඩියා දිනයේ තේමාව වන අතර සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම හා උපදේශකත්වය මත ඊයේ (13) කොළඹ කොළඹ නගරසභාව අසලින් පා ගමනක් ආරම්භ විය. එම අවස්ථාවට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ, සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීනි කමලා රණතුංග, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අමල් හර්ෂ ද සිල්වා යන මහත්ම මහත්මීහූ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

RSL

Related Posts