
අදාළ ඝාතනය නඩුව අද 53වන වතාවට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගනු ලැබීය. එහිදී ත්‍රස්ත විමර්ශන අංශය අධිකරණයට මරණ පරික්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් මෙම කරුණූ දැනුම් දුන්නේය.
මේ අතර ඇප මත සිටින දෙවන සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් අධිකරණයට කරුණු දක්වමින් ඔහුගේ පදිංචිය වෙනස් කිරීමට අවසර ඉල්ලා සිටී. නීතීඥවරුන් පැවසුවේ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අවස්ථාවේ පදිංචිව සිටි නුවරඑළිය ප්‍රදේශයේ නිවස ඔහුට අහිමි වී ඇති හෙයින් බිරිඳගේ ගම් ප්‍රදේශයට ගොස් පදිංචිවීමට අධිකරණයෙන් අවසර අවශ්‍ය බවයි.
ඇප ලබාදී ඇත්තේ මහාධිකරණයෙන් බවත් එම ඇප කොන්දේසි වෙනස් කිරීමට මෙම අධිකරණයට බලයක් නොමැති බවත් එහිදී මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිරෝෂා ප්‍රනාන්දු සැකකරුට දැනුම් දුන්නාය. විනිසුරුවරිය වැඩිදුරටත් පැවසුවේ ඇප කොන්දේසිවලට අනුව පදිංචිය මාරු කිරීමට අවශ්‍ය නම් මහාධිකරණයෙන් අවසර ලබාගත යුතු බවයි.
නඩු විභාගය ලබන මස 15 වැනි දින තෙක් කල් දැමුණි.


Loading...