කුමාර් සංගක්කාර නැවත වරක් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පිතිකරු ලැයිස්තුවේ අංක එකට පත්ව සිටී. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ එම ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කළේය.
කුමාර් සංගක්කාරට මේ වන විට ශ්‍රේණිගත කිරීම් ලකුණු 880ක් හිමිව ඇත. ඔහු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රකට් තරග 103කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් රැස් කර ඇති ලකුණු සඛ්‍යාව 9167කි. ඊට ශතක 27ක් සහ අර්ධ ශතක 38ක් ඇතුළත් වේ.
දකුණු අප්‍රිකාවේ ජාක් කාලිස් දෙවන ස්ථානය හා එංගලන්තයේ ඇලෙස්ටෙයාර් කුක්ට තෙවැනි ස්ථානය හිමිකර ගෙන ඇත.
Loading...