ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ඉරිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 22 වැනි රැස්වීමට සහභාගි වීම සඳහා උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් වෙත සැප්තැම්බර් 15-16 යන දෙදින සංචාරයක නිරත වන බවයි.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට ටර්ක්මෙනිස්තානයේ ජනාධිපති,ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල නායකයින්, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ හි මහලේකම්,නිරීක්ෂක රාජ්‍යයන්, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ කලාපීය ත්‍රස්ත විරෝධී ව්‍යුහයේ විධායක අධ්‍යක්ෂ සහ අනෙකුත් ආරාධිත අමුත්තන් සහභාගී වනු ඇත.

කලාපීය සහ ගෝලීය වශයෙන් වැදගත් වන මාතෘකා කරුණු සහ අනාගතයේදී බහුපාර්ශ්වික සහයෝගීතාවයේ අපේක්ෂාවන් පිළිබඳව ද සමුළුවේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.එමෙන්ම සමුළුව අතරතුර, නායකයින් විසින් පසුගිය දශක දෙක තුළ සංවිධානයේ ක්‍රියාකාරකම් සමාලෝචනය කරනු ඇත.

අගමැති මෝදි ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට සමගාමීව ද්විපාර්ශ්වික රැස්වීම් කිහිපයක් පැවැත්වීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ පවසයි.

2019 ජූනි මාසයේ බිෂ්කෙක් සමුළුවෙන් පසු පැවැත්වෙන පළමු පුද්ගල සමුළුව මෙය වේ.

ඉන්දීය අගමැති මෝදිට අමතරව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, චීන ජනාධිපති ෂී ජින්පින්, පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් සහ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඇතුළු අනෙකුත් රාජ්‍ය නායකයින් සමුළුවට සහභාගී වීමට නියමිත බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ හි සභාපතිත්වය භාර ගන්නා රට ඉන්දියාව බැවින් මෙම සමර්කන්ඩ් සමුළුව ඉන්දියාවට වැදගත් වේ. 2023 සැප්තැම්බර් දක්වා වසරක කාලයක් ඉන්දියාව එම සභාපති ධුරය දරනු ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්