ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ නාමාවලිය, විද්‍යුත් නාමාවලියක් හා වෙබ් නාමාවලියක් (Web-Export Directory) එළිදැක්වීමට කටයුතු යොදා තිබේ.
භාවිතයේ පහසුව පිණිස පිටු පෙරළා බැලිය හැකි ආකාරයට (Flipping E-pages) සකසා ඇති මෙම අපනයනකරුවන්ගේ විද්‍යුත් නාමාවලිය ව්ව්ව්.ස්‍රිලන්කෑxපොර්ටෙර්ස්.ල්ක් සහ ව්ව්ව්.රඉන්බොව්පගෙස්.ල්ක් ඔස්සේ වෙබ් නාමාවලියක් ලෙස ද පරිශීලනයට අවස්ථාව හිමි වේ.
අපනයනකරුවන්ගේ භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු සෙවීමේ හැකියාවට අමතර ව එම අඩවිය හරහා අන්තර්ජාල සම්බන්ධීකාරක (Web Link) මගින් ඔවුන්ගේ ආයතනික තොරතුරු හා දැන්වීම් පරිශීලනයට ද, ඊමේල් පණිවුඩ යැවීමට හෝ එම සමාගම්වල වෙබ් අඩවිවලට ඍජු සම්බන්ධතා ඇති කරලීමට ද කෙටි හා පහසු මං විවර කොට තිබේ.
නව නිෂ්පාදන මෙන් ම ක්ෂේත‍්‍රයට අලුතින් එක්වන අපනයනකරුවන්ගේ තොරතුරු කඩිනමින් යාවත්කාලීන කිරීමේ හැකියාව නිසා සම්ප‍්‍රදායික මුද්‍රිත නාමාවලියකට වඩා නැවුම් හා විශ්වසනීය තොරතුරු ලබාගැනීමට ද මෙමගින් පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වේ.
මෙම විද්‍යුත් දුරකතන නාමාවලියේ සංයුක්ත තැටි පිටපත් ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ, වෙළෙඳ තොරතුරු සේවය මගින් හෝ දිවයින පුරා පිහිටි එම මණ්ඩලයේ ප‍්‍රාදේශීය කාර්යාල ජාලය හරහා ඉදිරි කාලයේදී ලබාගත හැකි ය.