ශිෂ්‍යභාවය අහෝසිකිරීම බොරු චෝදනා මත සිදුවූවක් – අන්තරය

Spread the love

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් 36 දෙනෙකුගේ පසුගිය දින කීපයේදි අසාධාරණ ලෙස ශිෂ්‍යභාවය අහෝසි කර ඇති බවටත්,අධ්‍යාපනය පුද්ගලීකරණයට එරෙහිව සටන්වදින ශිෂ්‍යධරයින් ගණනාවකගේ අධ්‍යාපනය කඩාකප්පල්කර ඇති බවටත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය එම කුමන්ත්‍රණය තරයේ හෙලා දකින බව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් නිකුත් කල එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වේ.

”සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් 36 දෙනෙකු පසුගිය දින කිහිපය තුළ බොරු චෝදනා ඉදිරිපත් කර ශිෂ්‍ය භාවය අහෝසි කර ඇත. 2011/11/18 දින සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨයේ සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසී කර ඇත්තේ පළමු වසර සිසුන්ට එතෙක් හැදෑරීමට තිබූ විෂය මාලාවන් කප්පාදුවට එරෙහිව මතප‍්‍රකාශ කිරීම හේතුව නිසා සහ මූර්ති කලා අධ්‍යයනාංශයේ සිසුන්ගේ මූර්ති නිර්මාණ උපකුලපතිවරයාගේ උපදෙස් පරිදි කඩා බිඳ දමා විනාශ කිරීම පිළිබඳ විරෝධය දැක්වීම යන කරුණු මූලික කරගනිමිනි. එදිනම එම විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ ශිෂ්‍ය සංගම් සභාපති හා හිටපු සභාපතිගේ ශිෂ්‍ය භාවය ද අත්හිටුවා ඇත්තේ බොරු චෝදනා යටතේ ය. 2011/11/21 දින පළමු වසර සිසුන්ගේ විෂය කප්පාදුව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමට සූදානම් වීම යන අසාධාරණ චෝදනා යටතේ දෘෂ්‍ය කලා පීඨයේ සභාපති ඇතුළු තවත් දෙදෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසිකර ඇත. ඒ අතර සිසුවියකද සිටී. මීට අමතරව පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්‍ෂූන් 14 නමකගේ ශිෂ්‍ය භාවය අහෝසි කර ඇත.“

Loading...

RSL

Related Posts