පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් දැනට නිකුත් කරන ජාතික හැඳුනුම්පත වෙනුවට, ආරක්ෂාව සඳහා වැදගත් තොරතුරු ඇතුළත් ආරක්ෂිත විද්‍යුත් හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු සම්පාදනය කරමින් පවතියි.
මෙම නව හැඳුනුම්පත දැනට භාවිත කෙරෙන ජාතික හැඳුනුම්පතෙහි අන්තර්ගත කර නොමැති නවීන ආරක්ෂිත සංකේත ඇතුළත් කර වර්තමාන අවශ්‍යතාවට ගැළපෙන අයුරින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්තව සකස් කෙරෙනු ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිකුත් කිරීමට අපේක්ෂිත මෙම ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය යටතේ මූලික අවස්ථාවේදී දැනට ජාතික හැඳුනුම්පත් ලබා ගෙන ඇති පුරවැසියන් වෙත විද්‍යුත් ජාතික හැඳුනුම්පත නොමිලේ ලබාදීමට කටයුතු කෙරේ.
Loading...