ශ්‍රී ලංකා අවුරුදු 18 න් පහළ රගර් කණ්ඩායම අද ලන්ඩනයට

Spread the love

යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා අවුරුදු 18 න් පහළ රගර් කණ්ඩායම අද (06 සැප්.) පිටත්ව යයි.

ලන්ඩනයේ අයිල් ඔෆ් මෑන් හී හෙට සිට 13 දින දක්වා පැවැත්වෙන සිවු වැනි යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රගර් තරගාවලියට ඔස්ටේ‍්‍රලියාව, එංගලන්තය, කැනඩාව, දකුණු අපි‍්‍රකාව, ස්කොට්ලන්තය, ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටුබෑගෝ, යන රටවල් සමග ශ්‍රී ලංකාව තරග වදිති. මේ මස 10 වැනිදා සහ 11 වැනිදා ශ්‍රී ලංකාව දකුණු අපි‍්‍රකාව, එංගලන්තය සහ ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටුබෑගෝ යන රටවල් සමඟ තරග වැදීමට නියමිතය.

නිලුෆර් ඉබ්‍රාහිම් මහතා පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස තුවාන් ඩූල් මහතා කටයුතු කරයි. රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් භාර ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

RSL

Related Posts