ශී‍්‍ර ලංකාවේ සිදුවූ බවට පැවසෙන යුද අපරාධ හා අනෙකුත් මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමට සහාය වන මෙන් එරට රජයෙන් ඉල්ලා සිටීම සඳහා අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් සඳහා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් එරට ධවල මන්දීර වෙබ් අඩවිය විසින් හඳුන්වා දී ඇතැයි වාර්තා වේ.
‘වී ද පීපල්’ (We the people) නමැති මෙම වැඩසටහන මඟින් වැදගත් කරුණු සම්බන්ධයෙන් පියවර ගන්නැයි තම රජයෙන් ඉල්ලා සිටීමට ඇමෙරිකානුවන්ට හැකි වේ.
ධවල මන්දිර වෙබ් අඩවියට අනුව, සැප්තැම්බර් 29 වැනිදා ආරම්භ කරනු ලැබූ ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් වන පෙත්සමට මේ වන විට අත්සන් 453 ක් ලැබී ඇති අතර ඉදිරි දින 30ක කාලය තුළදී ඊට අත්සන් 5,000 ලැබුණහොත් එම පෙත්සම සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඊට ප‍්‍රතිචාරයක් දැක්වීමට ඇමෙරිකානු රජය කටයුතු කරනු ඇත.
එම පෙත්සම මඟින් දැක්වෙන්නේ, ශී‍්‍ර ලංකා රජය මෙන්ම එල්ටීටීඊය ද යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකළ බවයි.
එවැනි චෝදනා සම්බන්ධයෙන් හරිහැටි සොයා බැලීමට ශී‍්‍ර ලංකා රජය උනන්දු වී නොමැති බව ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය පෙන්වා දෙන අතර, එම අපරාධවලට ගොදුරු වූවන්ට සාධාරණත්වය ඉටු වීමට හා දිවයිනේ වගකීමේභාවය තහවුරු වීමට නම් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බව එම පෙත්සම කියා සිටී.
- Thursday
- October 3rd, 2024