ශ්‍රී ලංකාවට දකුණු කොරියාවේ සහය දිගටම

Spread the love

දකුණු කොරියාව අතුළු රටවල ගණනාවක සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ ඇමති මහාචාර්ය ජීඑල් පීරිස් මහතා ඊයේ (01 සැප්.) සියොල් නුවරදී දකුණු කොරියා විදේශ කටයුතු ඇමති කිම් සුං හ්වාන් හමු විය.

යොන්හැප් පුවත් සේවය වාර්තා කරන්නේ එහිදී යුද්ධයෙන් පසුව ශී‍්‍ර ලංකාව යලි ගොඩනැඟීමේ කාර්යය සඳහා වඩාත් සමීප සහයෝගීතාවක් දැක්වීමට දකුණු කොරියාව ප‍්‍රතිඥා ලබාදුන් බවයි.

විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල වාරිමාර්ග හා බලශක්ති ක්ෂේත‍්‍රයන්හි සිදු කෙරෙන සංවර්ධන කටයුතු සඳහා දායක වන මෙන් මහාචාර්ය පීරිස් කොරියානු ආයෝජකයින්ට ඇරියුම් කොට ඇත.

ශී‍්‍ර ලංකාවට සංවර්ධන ආධාර තවදුරටත් ලබාදෙන බවට දකුණු කොරියානු ඇමතිවරයා පවසා තිබේ.

එමෙන්ම එරට අගමැති කිම් හ්වාං සික් සමඟ ද මහාචාර්ය පීරිස් සාකච්ඡා පැවැත්වීය.

RSL

Related Posts